මහේලගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජය - මහේලගේ ක්‍රිකට පිත්ත දෙකට කැඩේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්. ඔහු පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබා දුන්නා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 04කදී ලකුණු 232කට  දැවි ගියා. පළමු පන්දුවාර 25 තුළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 150 සීමාවට පැමිණියත් තරගයේ ඉතිරි අර්ධයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් මැනවින් පාලනය කළා. ලසිත් මාලිංග ලකුණු 43කට කඩුළු 03ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43කට කඩුළු 03ක් සහ සුරංග ලක්මාල් ලකුණු 40කට කඩුළු 02ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනොම ලකුණු 0කට දැවි ගියා. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු නොලබා දැවි ගිය පළමු අවස්ථාව මෙයයි. සංගක්කාර ලකුණු 07යි. දිමුත් කරුණාරත්න ලකුණු 23යි. ඉන් අනතුරුව පිටියේ එක්වු මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ජයග්‍රාහණයේ පදනම දැමුවා. 05 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගු සබඳතාව ලකුණු 126ක්. මහේල පන්දු 120කදී 04 පහර 08ක් සහ එක් 06 පහරක් සමග ලකුණු 100ක් රැස්කළා.

මහේලගේ සිව්වැනි ලෝක කුසලාන ශතකය මෙයයි. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ ලකුණු දහසේ සීමාව ද පසුකර යෑමට ඔහු සමත්වුණා. මැතිව්ස් පන්දු 81කදී ලකුණු 44ක් රැස්කළා. ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුණා. මින්පසු පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 26කදී ලකුණු 47ක් රැස් කර ශ්‍රී ලංකාවය ජයග්‍රාහණය ලගාකර දුන්නා. 04 පහර 06ක් සහ එක් 06 පහරක් ඊට ඇතුලත්. තරගයේ වීරයා මහේල ජයවර්ධන. 

මහේලගේ බැට් එක කැඩුනු ආකාරය.
















Share this