නවක නිළිය කෙළෙසු ලක් ෆිල්ම්ස් අධිපති හිරේට

පාර්ලිමන්ට් ජෝක්ස් නමැති ප‍්‍රකට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට ඊයේ දිනයේ බන්ධනාගාරගත කරන ලදී.

 2013 වසරේ සිය කාර්යාලයට මන්දාකිනි රණසිංහ නමැති නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කොට සිසිල් පැන්වලට මත්පෙති මිශ‍්‍ර කොට ඇයට ලබාදී සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කොට එම ක්‍රියාව වීඩියෝගත කර ඇති බවට චෝදනා ලැබ තිබෙනවා. 

තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් ඇය නාරාහේන්පිට පොලිසියට පැමිණිලිකොට ඇති අතර එම පැමිණිල්ලෙන් අනතුරුව නිෂ්පාදකවරයා විසින් ඇයට මරණ තර්ජන සිදු කර ඇත්තේ එය ඉල්ලා අස්කරගන්නා ලෙස බලකරමිනි.

පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වු නාරහේන්පිට පොලිසිය විසින් චිත්‍රපට අධ්‍යක්‍ෂක ලාල් කලුආරචිචීව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලේය. එමෙන්ම වෛද්‍ය වාර්ථාවන්ට අනුව මත්වන යමි දෙයක් ඇයගේ පානය කල සිසිල් බිම වලට මිශ්‍ර කර දි ඇති බවත් ඇයට අතවරයක්ද සිදු කර ඇතැයි පොලීසිය විසින් අධිකරණයට වාර්තා කොට තිබේ.

මේ සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින අතර අතර පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත‍්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26)  දින නියෝග කොට තිබේ.

Share this