සංගක්කාර ලෝකයෙන්ම දෙවැනියාවෙයි

එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට කුමාර් සංගක්කාර දැන් සමත්වුණා.ඒ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදි නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදීය.

සංගා මෙම තරගයේදී මේ දක්වා ලකුණු 21ක් රැුස්කරගෙන තිබෙන අතර ඒ අනුව ඔහුගේ එක්දින ලකුණු සංඛ්‍යාව 13714ක් වන අතර එය එක්දින ක‍්‍රිකට් පිටියේ පිතිකරුවෙක් රැස්කළ ඉහළම ලකුණු ප‍්‍රමාණයයි. මීට ඉහතදී දෙවැනිස්ථානයේ පසුවූ රිකී පොන්ටින් රැස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 13704කි.
එහි ඉදිරියෙන්ම පසුවන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ලකුණු 18426ක් රැස්කරගෙන සිටියි.


Share this