වැලන්ටයින් දවසේ නතාෂා-ප්‍රිහාන් පෙම් පළහිලව්ව ගැන හෙළිකරයි!

"මං ඇත්තට ආදරේ කළේ මගේ හොඳම යාළුවට... ඉතින් ඒක ටිකක් දුරදිග ගියා..."

පසුගිය කාලයේ දී තමන්ට හිටි පෙම්වතුන් ගැන ගණන් කරන්න බැරි තරම් කියූ නිළියක මෙන්ම ගායිකාවක ද වන නතාෂා පෙරේරා මේ වනවිට ආයෙමත් පෙම්වතියක් වෙලා. ඔන්න මේ වතාවේ දී නම් ආදරේ කරන්නේ විවාහ වෙන්නමලු කියලා මෙච්චර කාලයක් ප්‍රසිද්ධ රහසක් විදියට තියාගෙන හිටපු නතාෂාගේ ආදර කතාව පෙම්වතුන්ගේ දවස වන අද දවසේ ප්‍රසිද්ධියේ පැවසුවා.

ගැන ළමා නිළියක් හැටියට ක්ෂේත්‍රයට ආපු නතාෂා විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ ගයනා කල ‘‘සුඟලක් වී මං එනවා‘‘ ගීතයෙන් ගායිකාවක් වුනා. හැබැයි ඇගේ ජීවිතයේ විශේෂ වෙනසක් සිදුවුනේ ජනප්‍රිය ගායක ප්‍රිහාන් එක්ක ගායනා කරපු "යායට පායනා" ගීතය නිසා.

මොකද මේ ගීතය නිසා දැන හඳුනගත්ත ප්‍රිහාන් හා නතාෂා යාලුවෝ වුනා. ඊට පස්සේ මේ දෙන්නා හොඳම යාලුවෝ වෙලා අන්තිමේ දී පෙම්වතුන් බවට පත්වුනා. ඒ මීට වසර 4ට කලින්. ඉතිං මේ සුන්දර ආදර කතාව ගැන ප්‍රිහානුයි නතාෂයි ලෝකෙටම කියන්න හදන්නේ ආදරණීය ගීතයකින්.

ඔන්න ඉතින් පෙම්වතුන්ගේ දවස වන අද දවසේ දී ආදර වැස්සේ තෙමෙන්න බාලගෙන ඉන්න නතාෂා වගේම ප්‍රිහාන් ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන කිව්වේ මේ විදියට....

නතාෂා - "ගොඩාක් දෙනෙක් මේක ගැන දන්නවා... මං හිතන්නේ තව දුරටත් මේක රහසක් නෙවෙයි... ප්‍රිහාන් වසර ගණනක් තිස්සේමගේ යාළුවෙක් වෙලා හිටියා. ඊට පස්සේ මගේ හොඳම යාළුවා වුණා. මගේ ජිවිතේ බෙදා ගත්තා.. ඉතින් මං හිතනවා මාව තේරුම් ගත්ත මගේ ජිවිතේට ළං වුණු හොඳම කෙනා ඔහු කියල. එයා හරිම කෙයාරින් එයා මටත් කෙයාර් කරා... ඒත් යාළුකමක් විතරයි තිබුනේ....

ඉතිං ඕක ටිකක් ටිකක් දුර ගියා.... ඔහුගේ හිතේ තමයි මුළින්ම තිබුණේ, මගේ හිතේ තිබුණේ ඊට පස්සේ, මං හිතන විදියටම හිතන කෙනෙක් ඔහු... මාව හොඳට තේරුම් ගත්ත මට ඒ අවශ්‍ය කරන නිදහස දෙන්න පුළුවන් වගේම මටත් වඩා මාව තේරුම් ගත්තු කෙනෙක් තමයි ඔහු. යාළු කමයි ආදරයයි දෙකම මම ඔහුගෙන් දැක්කා... මං ඇත්තට ආදරේ කළේ මගේ හොඳම යාළුවට... මං විවාහ වෙනකොටත් ඒක අලුත් දෙයක් කියල මං හිතන්නේ නැහැ මොකද මං මගේ ජිවිතේ බෙදාගන්න යන්නේ මගේ හොඳම යාළුවත් එක්ක..."

ප්‍රිහාන් - "අපිට ආදරයක් හටගන්න එක අපි දන්නේ නැහැ... ඒක මොන වේලාවේද වෙන්නේ කියල... යාළුකමක් අපි අතර තියෙද්දී ඒ දේවල් බෙදාගනිද්දී මං හිතන්නේ ලොකු සම්බන්ධතාවයක් අපි දෙන්න අතර තියෙනවා, මේ දේවල් අපි බෙදාගන්න විදිය, ඒ කියන්නේ සාමාන්‍ය මිතුරෙක් සමඟ බෙදාගන්නවට වඩා වෙනස් කියන දේ දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒක ආදරයක් බවට පෙරළුණා. 


ඉතින් මම තමයි එයාට මුළින්ම ආදරේ කියල කිව්වේ. ඒ වෙද්දීත් මං දනන් හිටියේ නෑ එයා මං ගැන මොන විදියට හිතන් ඉන්නවද කියල. ඊට පස්සේ එයාගෙනුත් මට ෆොසිටිව් ආන්සර් එකක් ලැබුණා. නමුත් මට ඇය දැක්ක දවසෙම මට ඇය ගැන ආදරයක් ඇති වුණා. දැන් ඉතින් බඳින්න ඕනේ කාලයත් ඇවිත් තියෙන්නේ ඒ දේවල් වලට සාර්ථකව ඇයත් මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...."



Share this