මාලදිවයිනේ හිටපු ජනාධිපති බිමදිගේ ඇදගෙන ගිය හැටි [වීඩියෝ සහිතයි]

අත්අඩංගුවට ගැනුණු මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් අද පස්වරුවේ එරට අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ආරක්‍ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා අධිකරණ භූමියට රැගෙන ආ බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

තනිව අධිකරණයට යා නොහැකි බව පවසමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අධිකරණයට යාමට විරෝධය පළ කර තිබෙනවා. එම අවස්ථාවේ හමුදා භටයන් හිටපු ජනාධිපතිවරයාව අධිකරණ භූමිය වෙත බිම දිගේ ඇදගෙන ගිය බවයි වාර්තා වෙන්නේ. ත‍්‍රස්තවාදී චෝදනා යටතේ මොහොමඞ් නෂිඞ් අත්අඩංගුවට ගැනුණේ ඊයේ දිනයේ දියි.

මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අධිකරණය අවට උද්ඝෝෂණ ද පැවති බවයි.


හිටපු ජනාධිපතිවරයා ඇදගෙන යන ආකාරය පහත වීඩියෝවන් බලන්න.



ඇදගෙන ගිය ආකාරය දැක්වෙන ඡායාරූප බලන්න








Share this