CSN නාලිකාව වසා දමන්න තිරණය කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුනුවන්ට අයිතිව තිබු කාර්ල්ටන් ස්පෝර්ටිස් නෙටිවර්ක් (CSN) රූපවාහිනි සේවය මාර්තු මස සිට වසා දැමිමට පාලනාධිකාරිය තිරණය කර ඇති බව වාර්ථා වෙයි. 

පසුගිය අතුරු අයවැයෙන් ක‍්‍රිඩා විකාශන නාලිකාවන්ට යෝජනා කල අධික බදු බර හා මෙතෙක් නොගෙවා ඇති රුපියල් මිලියන 100 කට අධික බදු මුදල් සමිබන්ධයෙන් ඇති ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම තිරණය ගෙන ඇත. CSN නාලිකාවෙ සේවය කල බහුතරයක් දෙනා පසුගිය ජනාධිපතිවරණය අතර තුරේදිම දෙරණ, සියත, ස්වාධින රූපවාහිනිය ඇතුලූ මාධ්‍ය ආයතන වල සේවයට එක්ව ඇත. 

එයට හේතුව ලෙස එක් මාධ්‍යවෙදියෙක් කියා සිටියේ  එකේ අය කරපු සමහර වැඩ නිසා අපි දැන ගත්තා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය පැරදුනොත් මේ ආයතනය දුවන්න බැහැ කියලා. හිටපු ජනාධිපතිගේ පුතුනුවන් ගේ අනුදැනුම මත CSN නාලිකාව විසින් රජයේ බැංකුවකින් ණය මුදලක්ද ගෙන ඇති බවත්, එම ණය මුදල නැවත පියවීමද මෙි දක්වා හරි හැටි සිදුකර නොමැති යැයිද අප වෙත තොරතුරු ලැබි ඇත. 

CSN නාලිකාව සංවිධානය කරන ක‍්‍රිඩා වැඩසටහන් සජිවි විකාශනය කරන්න අවශ්‍ය ජංගම විකාශන මධ්‍යස්ථානය ඇතුලත් බස් රථය ශ‍්‍රි ලංකාවෙ අනුමතව තිබෙන දිගට වඩා වැඩි එකක්, ඒ වගේම තමයි ඒ බස් එක ලියාපදිංචි කරලා තිබුනේ නැහැ. පහුගිය දවස් වල නාරහේන්පිට තිබිලා හොයා ගත්තු ප්ලේන් එකට එහායින් තිබුනේ ඒ බස් එකේ කැමරා ආදිය ගබඩා කරපු ඒ බස් එකේම කොටසක්. ජන්දේට පස්සේ බස් එක කෑලි ගලවලා තැන් තැන් වල හැංගුවා, ආයතනයේ සේවය කරපු සමහර නිලධාරින් දැන් ආයතනයේ සිදුවුනු යම් යම් දුෂණ සිද්ධින් ගැනද දැන් දැන් තොරතුරු හෙලි කරන්න පටන් අරන් තිබෙන්නේ මේ ආකාරයෙනි. 

ජනාධිපතිතුමා යන හැම විදෙස් සංචාරයකටම නාලිකාවෙන් කෙනෙක්ව එක්කන් යනවා. එහෙම යන්න එතුමාගේ පුතාලගේ අවසර වගේම කැමැත්ත තියන අයට විතරයි යන්න පුලූවන්, ඒ රජයේ මුදල් අනිසි ලෙස වියදම් කිරිම ගැන තොරතුරු සැපයු තවත් අයෙක් කියු කතාවක්. ජාතික රූපවාහිනියට හිමිව තිබු ක‍්‍රිකට් තරග විකාශනය කිරිමෙ බලයද හෙමින් සිරුවෙ පසුගිය රජය විසින් CSN නාලිකාවට ලබා දෙන ලදියි. එම ගනුදෙණුව සිදු කර දුන් වත්මන් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකමිවරයා වන නිශාන්ත රණතුංගට එරෙහිව රජය තවමත් පියවරක් නොගැනිම ගැනද නාලිකාවේ සේවකයෝ පුදුම වි සිටිති. 

අපිට දැනුම් දුන්නා ඉදිරියට CSN නාලිකාව රජයට පවර ගන්න සුදානම් වෙනවා. ඉන්න කැමති කටිටිය ඉන්න, යන්න කැමති අය ඉන්නවා නම් මානව සම්පත් අංශයට ලිපියකින් දැනුම් දෙන්න කියලා. එහෙම යන අයට CSN ආයතනය මගින් යම් වන්දියක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා කියලා දැනුම් දුන්නා. කොහොමත් ලෝක කුසලානය තරග විකාශනය අහිමි වුනොත් අපි දැනන් හිටියා අපේ රස්සාවල් දිගටම කරන්න බැරි බව, මොකද නාලිකාව දරුණු විදිහට ආර්ථික වශයෙන් වැටිලා ඉවරයි දැනට සේවයේ නියුතු වැඩසටහන් නිෂ්පාදකවරයෙක් අප හා කියා සිටියා. 

CSN නාලිකාවෙ ඇතැම් නිළධාරින්ගේ භාවිතය සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සුඛෝපභෝගි වාහන හා බස් රථ කිහිපයක්ද ලබාදි තිබු තතු දන්නෝ දනිති. එබැවින් ඒවා යලිත් ජනාධිපති ලේකමි කාර්යාලයට ලැබුනේද යන්න ගැන සොයා බැලිමද කල යුතු බව අපේ අදහසයි.

Share this