ඩුබායි අහසේ අද්භුත මුදල් වර්ෂාවක්

මුදල් වර්ෂාවක් පිළිබඳව බොහෝ දෙනා හීන මවාගෙන සිටියත් එය සත්‍යයක් වූ අවස්ථාවක් පිළිබඳව මෙතෙක් අපට අසන්නට දකින්නට ලැබුණේ නැහැ. කෙසේ නමුත් මේ වන විට ඩුබායි අහසේ නොසිතූ අවස්ථාවකදී මුදල් වර්ෂාවක් පතිත වීම නිසා එය ආන්දෝලනාත්මක ලෙස බොහෝ පිරිසක් අතර කතබහට ලක්වෙමින් පවතිනවා.

මෙලෙස අහසින් වැටී ඇති මුදල් ප‍්‍රමාණයේ වටිනාකම පවුම් මිලියන බාගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මහමග වාහන ධාවනය කරමින් සිටි පිරිස් මෙම සිඳුවීම දැක තමන්ගේ වාහන පාර මැදම නවතා දමා මුදල් අහුලා ඇති අතර අවට නිවෙස් වල සිටි පිරිස්ද මෙම සිදුවීම දැක නිවෙස් වලින් පිටතට පැමිණි මිටි පිටින් මුදල් අහුලාගෙන ඇත.

කෙසේ නමුත් මෙතරම් මුදල් ප‍්‍රමාණයක් අහසින් වැටුණේ කෙසේද යනවග පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ. විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය දේව හාස්කමක් ලෙසින් ඇතැම් පිරිස් පවසන බවයි.  මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ එරට පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

Share this