සිව්දින ඉන්දියානු රාජ්‍ය සංචාරය අරඹමින් ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (15) දහවල් දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිත්‍ය කාලසටහනට අයත් UL 195 මගී ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත්වයාම විශේෂත්වයකි.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර (ඉන්දියාවේදී එකතු වනු ඇත), අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා.



Share this