ආදර යෝජනා බාර ගන්න බෑ......

කොම්බි ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන නදීශානි නිලුක්ෂි සමග කළ කතා බහක් පහතින්.....

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? 

මේ දවස්වල වැඩ කිහිපයක් කරගෙන යනවා. ටෙලි නාට්‍යය තමයි ගොඩාක් තියෙන්නේ. තව චිත්‍රපටියක් එන්න තියෙනවා ඉස්සරහට. “ කොම්බි“ ටෙලි නාට්‍ය යේ රූපගත කිරීම් එක්ක මේ දවස්වල ටිකක් කාර්යය බහුලයි.

කොම්බිට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඇත්තටම මම හිතුවේ නෑ කොම්බිට මේ තරම්  ප්‍රතිචාර ලැබෙයි කියලා. ප්‍රතිචාර ගොඩාක් හොඳින් තියෙනවා.

ඔබ ඒ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා ඔබ හිතනවාද



මම හිතනවා ඒ චරිතයට ගොඩාක් හොඳ සාධාරණයක් කළා කියලා. පොඩි ළමයා පවා දැක්කම අන්න කොම්බි අක්කා යනවා කියලා කියනවා. ඒ වගේ ඇත්තටම ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර සහ ආදරය ලැබුණා.  මගේ දෙවැනි රංගනයෙත් අනිවාර්යයෙන් පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ දේවල්  අනිවාර්යයෙන් හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඉතින් ඒවා හදාගෙන ඉස්සරහට යන එක තමයි හොඳ.

සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක් ඉවර වුණාමද අනෙක් ටෙලි නාට්‍යය බාරගන්නේ? එහෙම නැත්නම් දිගටම වැඩ බාර ගන්නවාද?

නෑ. මම කොහොමත් බාගෙට වැඩ කරගෙන යන්නේ නෑ. ඇත්තටම ටෙලි නාට්‍යයක් ඉවර වෙනකන් අපිට ඉන්න බෑ. මොකද බාරගත්ත වැඩ තියෙන නිසා.ඒවත් බාරගෙන වැඩ ටික පිළිවෙළට කරගෙන යනවා.

මේ වෙලාවේ “වරිග පොජ්ජ“ ගැනත් මතක් කරන්නම වෙනවා?

වරිග පොජ්ජ ගැන කතා කරනවානම් ඇත්තටම නවක නිළියකට නොලැබෙන්න තියෙන  දේවල් මට ලැබුණා. ඒ කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටියෙන්ම මම ප්‍රධාන චරිතකට රඟපෑවා. එහෙම දේවල් ගොඩාක් කට්ටියට ලැබෙන්නේ නෑ. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට මුළින්ම මම ස්තූතිවන්ත වෙනවා. ඒ තුෂාර තෙන්නකෝන් අයියා සහ කැමරා පැත්තෙන් ගත්තොත් ඒ අයට. 

රංගන ක්ෂේත්‍රය තුළ මේ යන ගමනේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? 

අවසානයේ බලාපොරොත්තු වෙන්නේ  කොහොම හරි රතු පළසක් මතින් ගිහින් සම්මානයක් ගන්න තමයි. නමුත් එතනින් නතර වෙන්න නෑ . මම ආසයි මගේම කියලා නිර්මාණයක් ගොඩනගා ගන්න. ඉස්සරහට බලමු ඒක කොයිවිදියටද වෙන්නේ කියලා. 


නදීෂානි ජීවිතය තුළ  අනුකරණය කරන්නේ කවුද?

කවුරුහරි එහෙම කිව්වාද? නෑ මම එහෙම කවුරුවත් අනුකරණය කරන්නේ නෑ. අනුකරණය කරනවානම් අනිවාර්යයෙන් හරි දේ අනුකරණය කරන්න ඕන. හැබැයි මේ වෙනකන් මං කාවවත් අනුකරණය කරලා නෑ.

ඔබගේ ඉදිරි ගමන කොහොමද 

මං මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඊට පස්සේ නිවේදිකාවක් විදියට පෞද්ගලික ආයතනයක නිවේදනය කළා. ඊට පස්සේ වෙළඳ දැන්වීම් ගණනාවකම පෙනී සිටියා.ඉදිරියට බාරගත්ත වැඩත් තියෙනවා. ඉතින් ඒ විදියට තමයි ඉදිරි ගමන යන්නේ.

කලාව ජාත්‍යන්තරයට අරගෙන යන්න යම්කිසි උත්සහයක් ගන්නේ නැද්ද? 

ඇත්තටම මම තාම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මං තවමත් ක්ෂේත්‍රයට පුංචි පුරුකක් කියලා තමයි හිතන්නේ . ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් අපිට අනිවාර්යයෙන්ම ලොකු අත්වැලක් තියෙනවා.  මගේ “කොම්බි“ නාට්‍ය යේ ටෙලි නාට්‍යයටත් එහෙමයි. මං හිතනවා මට ජාත්‍යන්තරයට යන්න ලැබුණොත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. එහෙම ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන් තව කෙනෙකුගේ අත්වැලක් අවශ්‍යයි. ඒකට අනිවාර්යයෙන් හොඳ අධ්‍යක්ෂකවරයෙක් ඉන්න ඕන.එහෙම නැත්තනම් ජාත්‍යන්තරයට විතරක් නොවෙයි ලංකාවෙවත් හරියට දෙයක් කර ගන්න බැරිවෙනවා. ඉතින් හොඳ නිර්මාණයක් කරන්න හොඳ අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම හොඳ තිරපිටපතක් අපිට තියෙන්න ඕන.

ඉස්සර වගේම ආදර යෝජනා එනවද?

වරිග පොජ්ජ චිත්‍රපටිය කාලය වගේම ඒ දේවල් මේ කාලයෙත් අනිවාර්යයෙන්ම එයි. දැනටක් ලැබෙනවා ඒ ප්‍රතිචාර. ඉතින් ඒ දේවල් මං හිතනවා ගෙදර අම්මයි තාත්තයි බලාගනියි කියලා.


සුදු අයටනම් කැමති නෑ කියලා පසුගිය කාලේ කිව්වා. ඒත් අපිට ආරංචි වෙනවා සුදු කට්ටියගෙන් ගොඩක් ආදර යෝජනා ලැබෙනවා කියලා?

මෙහෙමයි  ඇත්තටම ජනප්‍රිය වෙනකොට කටකතා හැදෙනවා.ඒක සාමාන්‍ය දෙයක්. මං හිතනවා ජනප්‍රියත්වයේ එක පුරුකක් තමයි කටකතා හැදෙන එක. හැබැයි ඒ කටකතා සමහරක්දේවල් ඇත්ත වෙන්නත් පුළුවන් ඇතැම්විට බොරු වෙන්නත් පුළුවන්. මේ වෙනකොට මට කවුරුවත්නම් කෙලින් කිසි දෙයක් කියලා නෑ. සමහරක් විට කෙලින් කිව්වේ නැති වුණාට පිටිපස්සේ ඉඳලා කියන දේවලුත් ඇති. 

එතකොට ඔබට ආදරය කරපු කෙනෙක් ඉඳලා නැද්ද? 

ආදරය කරපු කෙනෙක් ඉඳලා තියෙනවා . මං පාසල් ගිය කාලේ.  පාසල් කාලේනම් හරිම සුන්දරයි. මට ආයෙමත් පාසල් යන්න තිබුණානම් අනාවර්යයෙන් මං බෑග් එකකුත් දාගෙන පාසල් යනවා. 

ආදර යෝජනා කියක් විතර දැනට ඇවිත් තියෙනවාද? 

ආදර යෝජනා නම් ගොඩක් හම්බවෙනවා. නමුත් ඒ හැම ආදර යෝජනාවක්ම බාර ගන්න බෑ .මොකද ආදරය කියන්නේ ගොඩාක් හොඳ දෙයක් සහ  ආදරය මනුස්සයාගෙන් ගත්තත් සතෙකුගෙන් ගත්තත් ඒක ගොඩාක් වටිනා දෙයක්. ඉතින් මේ වෙනකොට එනවා ආදර යෝජනා ඒ හැම දෙයක්ම අම්මා තමයි බලන්නේ. 

ඔයා කැමති මොනවගේ කෙනෙකුටද? 

ඇත්තටම අපිට ආදරය කරන්න කලුද සුදුද කියලා භේදයක් නෑ. අපි නිතරම බලන්න ඕන මගේ ආදරයට වඩා ඒ කෙනාගේ ආදරය ගැන තමයි. මොකද මගේ අම්මයි තාත්තයි මේ වෙනකොට ගොඩාක් ආදරයෙන් ඉන්නවා.  ඉතින් ඒ ආදරයත් එක්කම මං නිතරම බලන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්  මට හම්බවෙනවානම් ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ ආදරය ගැන මට කියන්න වචන නෑ. එයාලා ඒ තරම් ගොඩාක් ආදරයෙන් ඉන්නවා. ඉතින් ඇත්තටම මං හිතනවා ආදරය කරනකොට දෙන්නට දෙන්න තේරුම් ගැන්න ඕන. අනිත් එක තමයි රූපයත් ගොඩාක් වැදගත් වෙනවා . මොකද මුලින්ම  සිතුවිලි වගේ දේවල් තේරුම් ගන්නේ පස්සේ. ඊට කලින්  මුලින්ම දැක්මෙන් තමයි අපිට ඒ කෙනා කෙරෙහි ආදරයක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ මේ කෙනා මට ගැලපෙනවාද නැද්ද කියලා. 

කලින් නම් කිව්වේ සුදු අයටනම් කැමති නෑ කියලානේ? 

ඇත්තටම සුදුද කලුද කියලා නෙවෙයි වැදගත් වෙන්නේ. තමන්ට ඒ කෙනත් එක්ක ඉන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මං හිතනවා මං ගොඩාක් වාසනාවන්තයි. මං හිතනවා ඒ කෙනා ලැබෙයි කියලා. 












උපුටා ගැනීම - අද දෙරණ

Share this