නව ජනපති ලෙස මෛත‍‍්‍රී දිවුරුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ හත්වැනි ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පොදු අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී දිවුරුම් දුන්නේය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ශ‍්‍රී පවන් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

ශ‍්‍රී ලංකාවේ නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීය.

පිිරිහිගිය දේශපාලන සංස්කෘතිය දුරැර, අල්ලස, දුෂණය හා දුප්පත්කම පිටුදැක සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට ඩී.එස්.සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක දර්ශනය පදනම් වූ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව ජාතිය ඇමැතූ නව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 

තමාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට ස්තුති කරන බවත් රටේ සියලූ‍ ජනතාවගේ අනාගතය බාර ගන්නා බවත් දින සියයේ වැඩ පිළිවෙළ යටතේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයක් සඳහා නිසි පියවර ගන්නා බවත් යළි ජනපතිවරණයකට තමා ඉදිරිපත් නොවන බවත් සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි සුරක්ෂිත කර හෙට උපදින දරුවන්ගේ වගකීම ද බාර ගන්නා බව කී සිරිසේන මහතා ඡන්ද සමයේදී තමාට හා තම ආධාරකරුවනට නොයෙකුත් තාඩන පීඩන හිරි හැර ගැහැට හා තර්ජන එල්ල කළ සැමදෙනා වෙත නහි වේරේන වේරාණි යන උතුම් ධර්ම පදය අනුව ක‍්‍රියාකරන බවත් කීවේය.

Share this