ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට මෑතකදී සන්ධානයට එක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.
පසුගිය මහ මැතිවරණයේදී ප්රජාන්ත්රවාදී ජාතික සන්ධානයෙන් තරග කල ෆොන්සේකා මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද, රාජපක්ෂ රජය ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා මන්ත්‍රී ධුරය අහිමිවිය. ඒ අනුව, එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටි ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පත්විය.
මේ අතර, රාජපක්ෂවරුන් විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එරෙහිව පනවා තිබු සියලූ දේශපාලන තහංචි අහෝසි කර ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු වහාම නිත්‍යානුකුලව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට නීතිපතිවරයාට උපදෙස්දී තිබේ.
ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාවට අදාළව ජනාධිපති උපදේශක ලෙස පත් කිරීමටත්, ඔහුට අහිමි වී ගිය පදක්කම් හා හමුදා නිල නාමයන් ද යළි ස්ථාපිත කිරීමට රජය එකඟ වී ඇත.