මෛත්‍රී දිනුමෙන් සිඟමන් යැදූ මිනිසා ලක්ෂපතියෙක් වෙයි

මෙවර ජනපතිවරණයෙන් පොදු අපෙක්ෂක ලෙස එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගන්නා බවට මාතර නගරයේ සිඟමන් යැදූ මිනිසෙක් කළ ඔට්ටු තැබීමක් හේතුවෙන් ඔහු ලක්ෂපතියෙක් බවට පත්ව තිබේ.

ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගන්නා බවට ඔහු පළතුරු ව්‍යාපාරිකයෙක් සමග රුපියල් 50,000ක ඔට්ටුවක් හා වෙළඳ සැල් සේවකයෙක් සමග රුපියල් 10,000ක ඔට්ටුවක් අල්ලා තිබුණි. ඒ අනුව ඔහුට අද දිනයේදී රුපියල් 60,000ක් ලැබුණි.

තමා සන්තකයේ පැවැති රුපියල් 60,000ම මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔට්ටු දැමූ බව ඩබ්ලිව් අප්පුහාමි මහතා පැවැසීය. ඒ අනුව ඔහු සන්තකයේ මේ වන විට රුපියල් 120,000ක මුදලක් ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

උපුටා ගැනීම - Ada.lk






Share this