මහින්දගේ තුන්දෙනෙක් ගැන බුද්ධි අංශ අවධානය

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා රජයේ රැකවරණ ලැබ සිටින කොටි සංවිධානයේ ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමු කොට ඇති බව වාර්ථා වනවා. මේ තිදෙනා නිල වශයෙන් ගුවන්තොටුපොළෙන් පිටත්ව ‍නොගිය බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. ඔවුන් රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො‍ළට එතැයි කියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවද වාර්ථා වෙයි.  

දැනට ලැබෙන තොරතුරු අනුව ස්වාධීන රූපවාහිනියේ සභාපති  අනුර සිරිවර්ධන  මහතා අද  හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.  

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ මහතා අද අළුයම හදිසියේ බැංකොක් බලා පිටත්ව ගොස් ඇත.  ඔහු ඇමරිකානු පුරවැසියෙකි.  ජනාධිපතිවරණයට සති දෙකකට පෙර  පෙර ඔහු දිවයිනට පැමිණ සිටියේය. ඉන් පසු ඔහු ගුවන්තොටුපොළ පර්යන්තයේ පිහිටි සුඛෝපභොගී කාමරයක දින හතරක් නතර වී සිටි බවද වාර්ථා විය. තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් අද අලුයම 1.30 ට පමණ ඔහු මෙරටින් පිටත්ව ගිය බව වාර්ථා වෙයි.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙතැයි අපේක්ෂා කරන වාහන හතරක් පිළිබද සොයා බලා බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ වාහන හතර දිවයිනෙන් පිටත්කර හරිනවාද, නැතහොත් ඒවායේ පැමිණෙන කිසිවෙකු දිවයිනෙන් පිටත්ව යාදැයි සොයා බුද්ධි අංශ සිය මෙහෙයුම දියත් කර තිබෙන බවත් විශ්වාස කටයුතු ආරංචි වලින් දැනගන්නට තිබේ.

Share this