මහින්දගේ පරාජය දැක කැලණියේ අයෙක් මරුට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතාගේ පරාජය දරාගත නොහැකි වූ කැලණියේ පදිංචි එක්දරු පියෙකු වන ධීවර අමාත්‍යාංශයට අයත් ආයතනයක හිටපු අධ්‍යක්ෂවරයකු ඊයේ (09 වැනිදා) අලුයම හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. 

මෙසේ මියගොස් ඇත්තේ කැලණිය පෙතියාගොඩ දේවාල පාරේ පදිංචිව සිටි නිමල්සිරි අබේවික්‍රම නමැති අයෙක්.

මොහු පෙරේදා (08 වැනිදා) රාත්‍රී ඡන්ද ප්‍රතිඵල නරඹමින් සිට ඇති අතර එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන ලකුණු දැකීමෙන් රෝගාතුර වී තිබෙනවා. පසුව බිරිඳ විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු ඔහු මියගොස් තිබෙනවා.

මියගිය අයගේ මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා විසින් සිදු කරන ලදී. 


Share this