අද වඩාත් ජනප්රියව ඇත්තේ නිරූපිකාවකට වඩා රංගන ශිල්පිනියක ලෙසයි. එහෙත් අද අප ඇයව පිළිසඳරට එක් කර ගත්තේ ඇගේ රංගන ජීවිතයේ තොරතුරු අසන්නට නම් නොවෙයි. විනුගෙන් හැමෝම අහන්නේ රංගනය ගැනනේ. අපි අද කතා කරමුද ආදරය ගැන? හා.. කමක් නැහැ. අපි කතා කරමු.
එහෙනම් හංගන්නේ නැතුව දැන්වත් කියමුකෝ බලන්න විනු තවමත් පෙම්වතියක් නෙමෙයිද කියලා?
හංගන්න දෙයක් නැහැ. මම පෙම්වතියක් නෙමෙයි.
ඔහොම හැංගි හැංගි වෙස් බැඳලා එළි පිට නටන දවසට බොරුකාරියෙක් වෙයි නේ?
බොරුකාරියෙක් වෙන්න මම බොරු කියන්න එපැයි. මට කියන්න තියෙන්නේ මම තවම පෙම්වතියක් නෙමෙයි කියලා විතරයි.
එහෙනම් පහු ගිය කාලේ ස්ථිර වුණාය කියපු යොජනාවට මොකද වුණේ?
හරි දැනුයි තේරුණේ. ඒ ගැනද ඔය අහන්නේ? ඔය යෝජනව ආපු කාලේ ගැන මම ඒ ගැන වතාවක පත්තරේකට කියලා තිබුණා. එහෙම හංගන්නේ නැතුව කිව්වෙත් මම මගේ රසිකයන්ට බොරුවක් නොකරන නිසානේ. ඒ යෝජනාවට ගෙදරින් සහ මගෙත් අවධානය යොමු වෙලයි තිබුණේ. ඒ නිසා ඒ ගැන සලකා බැලුවා. නමුත් එය දුර දිග ගෙන යන්න බැහැයි කියල දැනුණු නිසා ඒ යෝජනාව පිළි ගන්න බැරි වුණා.
යෝජිත විවාහයකින් විනූට සුදුසුම සහකරු ලැබේවි කියලා හිතනවාද?
යෝජනාවකදී නම් මුලින්ම අවධානය යොමු වෙන්නේ පවුල් පසුබිම සහ අනෙකුත් භාහිර දේවල් ගැනයි. ඒ දේවල් ගැලපෙනවා නම් ඉන් පසුවයි මගේ ආදරය ඒ ආදරයට කොතරම් ගැලපෙනවාද බලන්න පුළුවන් වෙන්නේ.
යෝජිත විවාහ සංකල්පය විනුගේ ඔළුවට දැම්මේ කවුද?
එහෙම දෙයක් නෙමෙයි. ආදර සම්බන්ධයකින් හෝ යෝජනාවකින් වේවා ආදරයේ අවසානය විය යුත්තේ විවාහය. මගේ විවාහයත් කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් මේ වෙනකන් මට ආදර සම්බන්ධයක් තිබිලා නැහැ. ඒ නිසා ගෙදරින් එවැනි යෝජනා ආවාහම සලකා බලනවා. යෝජනාවකින් දැන හඳුනා ගත්තත් කොහොම කෙනෙක්ද කියලා කාලයක් ආශ්රය කිරීමෙන් ඒ දෙදෙනා අතර ඇති වන ආදරය මත තමයි ඒ බැඳීම විවාහය දක්වා දුර දිග යන්නේ.
ඔබ කියන්නේ විවාහයකින් ආදරය අවසානයි කියලද?
වර්තමානයේ බහුතරයක් විවාහයක් දක්වා දුර දිග නොයන ආදර සබඳතා තමයි අද දකින්න අහන්න ලැබෙන්නේ. මම අදහස් කළේ ඒ ගැනයි. මම යම් කෙනකු හා ආදර සබඳතාවක් ගොඩනඟා ගත්තොත් එය විවාහය දක්වා යා යුතුමයි කියන බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. නමුත් විවාහයෙන් පසුත් ඒ ආදරය එ ලෙසම තිබිය යුතුයි.
ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරිමක් කරන්න විනු ලැහැස්තිද?
වෘත්තීය මට්ටමින් කැප කිරීම් කරන්න පුළුවන්. නමුත් ආදරය වෙනුවෙන් දෙමව්පියන් සහ ඔවුන්ගේ ආදරය කැප කරන්න යන්නේ නැහැ.
ඔය කියන විදිහට නම් ආදර සබඳතාවයකට විනු ගේ අකැමැත්තක් නැහැ?
එහෙම අකැමැත්තක් නැහැ. හැබැයි ඊට සුදුසු කෙනෙක් ලැබෙන්නත් ඕනේ. මමත් කැමැති ආදර සබඳතාවකින් ඇති වන විවාහයකට. හැබැයි ඒ ආදරය මට දැනෙන්නත් ඕනේ.
නොකිව්වට එහෙනම් විනු ගේ හිත ගිය කෙනකුත් ඇති?
එහෙම විශේෂ කෙනෙක් තවම මුණ ගැහිලා නැහැ. කවදාහරි එහෙම කෙනෙක් මුණ ගැහුණත් මුලින්ම කියන්නේ මගේ දෙමව්පියන්ට මොකද මම ආදරය කරන කෙනාට මගේ පවුලේ කැමැත්තත් ලැබිය යුතුමයි. මම මගේ තනි කැමැත්තට කිසිම දෙයක් කරන කෙනෙක් නෙමෙයි.
හොඳයි කවදා වෙනකම් තනිකඩව ඉන්නද කල්පනාව?
මම හිතන්නේ අවුරුදු 25ත් 26ත් අතර විවාහ විම සුදුසුයි කියලයි. ඒත් ඔය වයස වෙද්දි මට සුදුසු කෙනෙක් ලැබේවිද කියන එකයි ප්රශ්නේ.
විනූගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න.