විෂුවල් එක අස්සේ නා ගන්නත් වෙලා

මේ දවස්වල කාගේත් ආකර්ෂණය දිනා ගනිමින් රූප රචනා සහිතව රූපවාහිනී නාළිකා කිහිපයකම විකාශය වෙන අපූරු ගීතයක්. මේ ගීතයේ හිමිකාරිය තමයි දුෂ්‍යන්ති නදීෂා. ඇය සුපර් ස්ටාර් තරගාවලිය නියෝජනය කරමින් ගායන ක්ෂේත්‍රයට පැමිණි නව පරපුරේ ගායිකාවක්. මේ ගීතයට රූප රචනාවක් කරන අතරතුර දුෂ්‍යන්ති නොසිතූ අකරතැබ්බයකට මුහුණ පෑවා. ඒ ගැන ඇය මතක් කරන්නේ මෙලෙසින්.

“මේ ගීතයේ රූප රචනා සඳහා යොදාගත්තේ මුහුදු වෙරළයි. මේ ගීතයට අනුව මාත් එක්ක මගේ පෙම්වතා ලෙස තරුණයෙක් රඟපෑවා. කොහොම හරි ගීතයේ විෂුවල් රූගත කිරීම් ඉවර කරලා තවත් එක ෂොට් එකක් ගන්න තියෙනවා කියලා ප්‍රචක්ෂන් ටීම් එක මට බොරුවක් කිව්වා. මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මුහුද මැද්දෙ මගේ පෙම්වතා මාව ඔසවාගෙන සිටින විදිහට තමයි විෂුවල් එක ගන්නේ කියලා.

මාව ඒ විදිහට ඔසවා මුහුදට අතහැරියා. බලන්න මේ අය විහිළුවක් තමයි කරලා තියෙන්නේ. මුහුදු වතුර නාගෙන වැලිවලින් ගහගෙන අපි හැමෝම හරියට විනෝද වුණා. කොහොම හරි අන්තිමට අපිට මුහුදු වතුරට තෙතබරිත වුණු ඇඳුම් ඇඳගෙනම තමයි ගෙවල්වලට යන්නත් සිද්ධ වුණේ. මේ දවස්වල ඒ ගීතය රූපවාහිනියෙන් ප්‍රචාරය ‍වන විට සිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මගේ රසිකයන් ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි.

Share this