මහේල සහ සංගා මව්බිමේදී තරගවදින අවසන් එක්දින තරගය අද පස්වරුවේ

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකාවේදී කි‍්‍රඩා කරන අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද පස්වරුවේ ආරම්භ වනවා. ඒ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. 



කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකාවෙන් බිහිවු ජගත් ක‍්‍රිකට් පිටිය ජයගත් සුපිරි පිතිකරුවන් දෙදෙනෙක්. එපමණක් නොවේ ශ‍්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ඨ නායකයන් දෙදෙනකු ලෙස ද ක‍්‍රිකට් ලෝලීන්ගේ ගෞරවාදරයට පත්වුවන්.

1996 ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදුන් පසු වසර 15කට අධික කාලයක් ශ‍්‍රී ලංකාව ජගත් ක‍්‍රිකට් තරගයේ ඉහලින් ඔසවා තබන්නට ඔවුන් කළ කැපවීම අති මහත්. පිටිය මැදදී එක්වන සංගා මහේල දෙදෙනාගේ සබඳතාවන් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රාහණය අත්කර දුන් අවස්ථා අපමණයි. ක‍්‍රිකට් පිටියේ දී මෙන්ම පෞද්ගලික ජිවිතයේදිද මේ විශිෂ්ඨයින් දෙදෙනා සොඳුරු හිතවතුන් වනවා. එකම කාලයක ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට පැමිණ ඔවුන් දෙදෙනා අසමසම දස්කම් දැක්වීමට සමත්වුණා. 

එක්දින තරග 389කට ක‍්‍රීඩා කර ඇති සංගක්කාර ලබාගත් ලකුණු සංඛ්‍යාව 13,339ක්. ශතක 20ක් සහ අර්ධ ශතක 91ක් ඊට අයත් වනවා. එක්දින තරග 443කදී මහේල ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12,219ක් වනවා. 

මහේලගේ පිත්තෙන් ශතක 17ක් සහ අර්ධ ශතක 51ක් වාර්තා වී තිබෙනවා. එක්දින ලෝක කුසලානයක සහ 20/20 ලෝක කුසලානයක අනුශූරතාව සිය නායකත්වයන් යටතේ ශ‍්‍රී ලංකාවට දිනා දීමට මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාම සමත්වීම ඔවුන් එකිනෙකාට නොදැවෙනි නායකයින් බව පෙන්වා දෙන කදිම නිදසුනක්. 

එළඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින පිටියට සමුදෙන බව සංගා සහ මහේල කලකට පෙර ඉගිපළ කර තිබුණා. සංගක්කාර සිය තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ ඉකුත්දා පල්ලේකැලේදී නිමාවට පත් වූ ශී‍්‍ර ලංකා එංගලන්ත 6 වන එක්දින කි‍්‍රකට් තරගයේදීයි. මහේල ජයවර්ධන ද සිය මිතුරාගේ අඩි පාරේ යමින් එළඹෙන ලෝක කුසලානයෙන් පසු සමුගන්නා බව ඊයේ ප‍්‍රකාශ කළා. 
- See more at: http://nethfm.com/article/48911#sthash.0uYn6qt3.dpuf

Share this