මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පසුගිය 12 දා පැවැති අමාත්‍යවරයකුගේ උපහාර උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු එහිදී අධික තෙරපීමකට ලක්ව සිහිසුන්ව රෝහල්ගතකිරීමෙන් පසු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වැලිගම, බොරාල ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියකු වූ ප්‍රේමදාස කුරුප්පු නානායක්කාර (68) නම් පුද්ගලයෙකි.
රජයේ අමාත්‍යවරයකුගේ දේශපාලන දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී සමරු සිහිවටනයක් රැස්ව සිටි පිරිසට පිරිනමන අවස්ථාවේ ඒ අතර දැඩි තෙරපුමක් හටගෙන ඇත. මෙම සිව්දරු පියා තෙරපීමට ලක්ව කම්පනයට පත්වී සිහිසුන්ව බිම ඇද වැටි ඇත. ඉන්පසු උත්සවය නිමාවී සියලු දෙනා ඉන් පිටතට යන තුරු මෙම පුද්ගලයා පැය 5ක් පමණ බිම වැටුණු
අයුරින්ම සිට තිබේ. පොලිසිය මෙම පුද්ගලයා රෝහල්ගත කර ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකයට සිද්ධිය දැනුම්දී ඇත. එය ඔහුගේ පුතාගේ දුරකථන අංකයයි.
මියගිය පුද්ගලයාගේ පුතකු වන මනෝජ් නානායක්කාර (40) පැවසුවේ, මගේ පියා එදින මාතර නගරයේ පැවැති මෙම උපහාර උත්සවයට සහභාගි වීමට ගොස් තිබුණේ ගමේ ඉඳන්.ඒ වෙනුවෙන් ගිය බස් රථයෙන්. එහිදී පියා දැඩි තෙරපුමකට ලක්ව සිහිසුන්ව බිම ඇද වැටී තිබෙනවා. නමුත් එහි රැස්ව සිටි කිසිවකුගේ අවධානය ඔහු කෙරෙහි යොමු නොවීම ඉතාම කනගාටුදායකයි.” යනුවෙනි.
නමුත් පැය 5ක් පමණ ගත වන තුරුම කිසිදු අයකුගේ අවධානයක් පියා කෙරෙහි යොමු වෙලා නැහැ. නිවසට දුරකථන ඇමතුමක් දී පොලිස් නිලධාරීන් කිව්වා පියා සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ බිම ඇද වැටී සිටින බව. මම ඔවුන්ට කිව්වා මගේ පියා මත්පැන් හෝ දුම්පානය නොකරන කෙනෙක්. කරුණාකර ඔහු ඉක්මනින් රෝහල වෙත ගෙන යන්න කියලා. නමුත් මම වැලිගම සිට මාතර නගරය ආසන්න වෙනතුරුම ඔවුන් පියා රෝහලට ගෙන ගොස් තිබුණේ නැහැ.
කෙසේ වුවද මම රෝහලට යන විට ඔවුන් පියා ගෙන ගොස් තිබුණා. පැය කිහිපයකට පෙර රෝහලට ගෙන ගියා නම් පියාගේ ජීවිතය බේරා ගන්නට හැකියාවක් තිබුණා. අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම ඔහුගේ පුත් පළාත් සභා මන්ත්රී්ර පසඳ යාපා අබේවර්ධන මහත්වරු අපේ නිවසට පැමිණ අවශ්‍ය කටයුතු සොයා බැලුවා. මගේ පියාගේ ජීවිතය අවසන්. කාටවත් චෝදනා නගන්න මම කැමැති නැහැ. නමුත් අවට සිටි අයගේ නොසැලකිල්ල කෙරෙහි අප දැඩි ලෙසින් කනගාටුවෙනවා යැයි කීය.