Showing posts with label Local Gossip. Show all posts
Showing posts with label Local Gossip. Show all posts

ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට?

මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීම පිළිබඳ අද ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා විසින් මේ පිළිබඳව කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

"රත්නපුර ජනතාව ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කළා. ඔහුව බන්ධනාගාරගත කරලා සිටිනවා. ඔහු අභියාචනයකුත් යොමු කර තිබෙන්නෙ. ඒ නිසා ඔහුව පාර්ලිමේන්තු ගේන්න නියෝග කරන්න.."යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ඊට පිළිතුරු ලබාද‍ෙමින් කථානායකවරයා මෙසේ පැවසීය.

"එතුමාගේ අභියාචනය පිළිබඳ කිසිම දැන්වීමක් මේ වන තුරු කථානායකවරයාට ලැබිලා නෑ. ඒක අධිකරණයෙන් ගතයුතු තීන්දුවක්. නමුත් එතුමාට ඡන්දේ දීපු ඡන්ද දායකයාගේ අයිතිය පැහැරගැනීම අපිත් එකඟ නැති කාරණයක්. වහාම මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තු ගේන්න කියන එක අපි මතක් කරනවා බන්ධනාගාරයට."

පසුව අද පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දී ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නැවතත් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ විමසා සිටියේය.

එහිදී කථානායකවරයා කියා සිටියේ ඔහුව ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බවය.

රත්ගමදී අසුවුණේ නාකොටික් නිලධාරීන් පොඩි ලැසීට විකුණූ කුඩු


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගාල්ල, රත්ගම ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ T-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගය බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් විකිණීම සඳහා පාතාල නායක පොඩි ලැසීට ලබාදී තිබූ ඒවා බව විමර්ශනවලින් හෙළිව තිබේ.

මේ වනවිට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග ඇතුළු නිලධාරීන් පිරිස පොඩි ලැසී නමැති පාතාල නායකයා කාලයක් තිස්සේ ඇසුරු කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් හා ආයුධ ජාවාරමේ නිරත වී ඇති බව හෙළිව තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙම ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 30 කට අධික ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා පොඩි ලැසී නමැති පාතාල නායකයා වෙත ලබාදී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ සොයාගනු ලැබුවේ එසේ අලෙවි කිරීම සඳහා ලබාදී තිබූ හෙරොයින්වලින් කොටසක් බව පොලිස් ආරංචි මාර්ග පවසති.

මෙම පාතාල නායකයා සතුව ඇති ඉතිරි හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරේ.

 මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව මෙම හෙරොයින් හා ආයුධ රත්ගම හා තෙල්වත්ත ප‍්‍රදේශවල සඟවා තිබියදී සොයා ගැනිණි. මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ඔ-56 අවි දෙකක්, පිස්තෝල දෙකක් හා ජීව උණ්ඩ තොගයක් ඇති බව පොලිසිය කියයි.

සාරධර්ම පිරිහීම් වැඩියෙන් සිදුවන්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් අයගෙන්ය - අගමැති මහින්ද රාජපක්ෂ

රටේ සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත්, එනිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු දින ප‍්‍රහාරය, ත‍්‍රස්තවාදී ගැටලූ ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප‍්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනයයි. කිසිදු ආගමක ප‍්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැහැ.

බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත ශ‍්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා.

ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝරත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිදු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්තව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප‍්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප‍්‍රමාණය බැලූවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණගරුක දරුවන් පිරිසක් අප රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක‍්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත් කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප‍්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජී මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.
 වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුද දකුණු පළාත් ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරුභවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

Source : Divaina.com

ලක්ෂ 30ක බඩුත් සමඟ ‘කුඩු ලොක්කියක්’ අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සිටත් ඕමානයේ සිටත් මෙහෙයවන බව කියන මත්කුඩු ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සිවුදෙනකු ලක්ෂ 30කට අධික හෙරොයින්  සමඟ කලපළුවාව හා මාලඹේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 

මත්කුඩු ග්‍රෑම් 170ක්, ජංගම දුරකථන 6ක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඕමානයේ වෙසෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුඩු ජාවාරම් කරන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී 21 දින කිසියම් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් තැන්පත් කළ රිසිට් පතක් ද තිබී හමුවී ඇත. 

සැකකරු 21දා මාලබේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවත් සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 20කට අධික හොරොයින් තොගයක් සමඟ 20දා කලපළුවාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

සැකකාරිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත කලපළුවාවේ ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇයගේ අත්බෑගයේ චොකලට් විස්කෝතු පෙට්ටියක් තුළ හෙරොයින් ග්‍රෑම් 101ක ප්‍රමාණයක් අසුරා තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව රුපියල් 30,000ක මුදලක් ද තිබූ බව පොලිසිය කියයි.  

සැකකාරියගේ සැමියා වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින බවත් ඔහු දුරකථනයෙන් ලබාදෙන ඇණවුම් අනුව සැකකාරිය අදාළ ස්ථානවලට හොරෙයින්  බෙදා හරින බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. 

අත්අඩංගුවට ගත් සැකකාරිය බොරැල්ල මැගසින් පාරේ පදිංචි තිස් එක් හැවිරිදි කාන්තාවකි. හෙරොයින් බෙදාහැරීම සඳහා ඇය විසින් යොදාගනු ලබන මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත. 

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය එම නඩුව සම්බන්ධයෙන් ඇප මත සිටින බවද පොලිසිය කියයි. 

මේ අතර ත්‍රිරෝද රථයකින් හෙරොයින්  ජාවාරමේ නිරතව සිටි අනෙක් සැකකරු  හොරොයින් ග්‍රෑම් 30ක් සමඟ 21දා පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු මාලඹේ ප්‍රදේශයේ බැංකුවකින් පුද්ගලයකුගේ  ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් බැංකු ගත කළ රිසිට්පතක් තිබී ඇත. හොරෙයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල මොහු කිසියම් ජාවාරම්කරුවකුගේ  ගිණුමකට තැන්පත් කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට ඕමානයේ වෙසෙන මුතු නමැති කාන්තාවගේ හෙරොයින් යොදාගෙන ජාවාරම් කරන බවට තොරතුරු හෙළි වූ බවද පොලිසිය පවසයි. 

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී ඝාතනයට  ලක් වූ ‘කළු තුෂාර’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය සමඟද මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 

මෙම බැංකු ගිණුම් සහ හෙරොයින්  ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළි කර ගැනීම සඳහා සැකකරු සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. 

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර-දකුණ නියෝජ්‍ය පොලිස්පති මහතා යටතේ නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, සහකාර පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රියංකර, කොස්තාපල්වරුන් වන දයාවංශ (68571), මුණසිංහ (81624), චාමික (82071), කුමාර (84768), කුමාර (91392), සෙනවිරත්න (93404), පොලිස් කොස්තාපල්වරියන් වන  සිල්වා (11025),  කල්පනී (10755) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Source : Mawbima News paper

සහරාන්ගේ ඥාතීන් සැලැසුම් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක තොරතුරු හෙළිවුණා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තයන්ගේ සමීපතම ඥාතීන් වන පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තාවන් 6ක් එක්ව පාස්කු ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට තුළ මරාගෙන මැරෙන දෙවැනි ප්‍රහාර මාලාවක්  සැලැසුම් කර තිබූ බවට එවකට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර මාලාව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24දා) පැවැසීය.

අදාළ පිරිස හමුදා ඇ¾දුමින් සැරසී වෑන් රථ යොදාගෙන එම ප්‍රහාරය දියත් කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු ලැබුණු බවත් මඩකළපුව ප්‍රදේශය ඇතුළු ස්ථාන 05ක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල විය හැකි බවත් එම ප්‍රහාර එල්ල වීමෙන් පසුව එම ස්ථානයට පැමිණෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර එල්ල විය හැකි බවත් අදාළ බුද්ධි තොරතුරේ අන්තර්ගත වී තිබුණු බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.

එමෙන්ම අදාළ බුද්ධි තොරතුර මඟින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, දිවයින පුරා පිහිටි රෝහල්, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළෙඳසල් සහ  පොලිස් ස්ථාන ඉලක්ක වී ඇති බවට තොරතුරු අනාවරණය කර තිබූ බවත් සාක්ෂිකරු 17 වැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

එම තොරතුරු මත පදනම් වී රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ විමර්ශනවලදී මාතලේ ප්‍රදේශයේ ජීවත් වූ සහරාන් හෂීම්ගේ ප්‍රබල අනුගාමිකයකු වූ මොහොමඩ් සහරාන් ෆස්ලූර් රහුමාන් නමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් බවත් වැඩිදුර සොයාබැලීම්වලදී එම පුද්ගලයා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය භාරගැනීමේ සිදුවීමට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අනුව දෙවැනි ප්‍රහාරයක් වළක්වාගැනීම සඳහා පෙර කී ප්‍රහාර සැලැසුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, ඊට අදාළව සිදුකළ විමර්ශනවල කරුණුද ඇතුළත් කර විශේෂ වාර්තාවක් සැකසීමට තමා එවකට කටයුතු කළ බවත් සහරාන් හෂීම් මියගියද ඔහුගේ ජාලය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවැති බවට දිගින් දිගටම තොරතුරු අනාවරණය වූ බැවින්  එම ජාලය අක්‍රිය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කීය.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පෙර කී එම විශේෂ වාර්තාව යොමු කිරීමට තමන් පියවර ගත් බවත් පැවැසූ සාක්ෂිකරු මීට සමගාමීව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගද කඩිනමින් ගන්නා මෙන් එම වාර්තාවේම ඇතුළත් කර තිබූ බවත් කීය.

එමෙන්ම මීට සමගාමීව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ඉදිරියේදී ශ්‍රී  ලංකාව තුළ එල්ල කළ හැකි බවට විශ්වාස කළ ප්‍රහාර පිළිබඳව තොරතුරු සහ ඉස්ලාම් ත්‍රස්තවාදයේ මෙරට ව්‍යාප්තිය පිළිබඳ බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු මෙන්ම ජලාල් කිටාල් හෙවත් රිල්වාන් හෂීම් පිළිබඳවද තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද විශේෂ ලිපියක් එදිනම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කීය.

එමෙන්ම පෙර කී ලිපි දෙකම රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ නිලධාරීන්ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට, පොලිස්පතිවරයාට, ජාතික බුද්ධි ප්‍රධානිට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට යොමු කිරීමට ඔහු කටයුතු කළ බවත් සාක්ෂිකරු පැවැසීය.

මෙහිදී කොමිසමේ සාමාජිකයන් විසින් සාක්ෂිකරුගෙන් පෙරළා විමසීමක් කළේ රාජ්‍ය  බුද්ධි සේවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාටත් තොරතුරු දීමට බැඳී සිටිනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවැසුවේ 2019 අප්‍රේල් 22 වැනිදා පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමු කරන වාර්තා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙතද යොමු කරන ලෙස තමන්ට දැනුම් දී තිබූ බවයි.

එහිදී අදාළ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි වූයේ කවුද යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක ජනාධිපති ලේකම්වරයා වැනි අය ඊට සහභාගි වූ  බව සාක්ෂිකරු පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අදාළ රැස්වීමට සහභාගි වූ බවක් තම මතකයේ නොමැති බවත් කොමිසම හමුවේ සඳහන් කළ සාක්ෂිකරු සුවිශේෂී සිදුවීමක් ලෙසින් ඒ වනවිටත් 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර එදින එම රැස්වීමට සහභාගි වී සිටීම තමාට විශේෂයෙන්ම මතක බවත් පැවැසීය. 

එමෙන්ම මීට අමතරව යම්කිසි කණ්ඩායමක් මුස්ලිම් පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාවක් පැවැති බැවින් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් දන්වා එවකට හිටපු පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ සාක්ෂිකරු එම ලිපියේ අන්තර්ගතය මඟින් එවැනි ප්‍රහාරයක අවදානම පිළිබඳව මවුලවිවරුන් හමුවී පෞද්ගලිකව ඔවුන් දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද ලිපිය කොමිසම හමුවේ කියවමින් සාක්ෂිකරු සඳහන් කළේය.

එමෙන්ම සිය සාක්ෂි දීම අතරතුර රාජ්‍ය බුද්ධි සේවය විසින් ආගමික අන්තවාදය පිළිබඳව විවිධ ආයතනවලට යොමු කළ තොරතුරු සම්බන්ධයෙන් තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවස්ථා ගණනාවකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් නැඟෙනහිර පළාතේ වර්ධනය වෙමින් තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, ජාතික ආරක්ෂක කවුන්සිලය සහ පොලිසිය වැනි විවිධ ආයතනවලට තොරතුරු වාර්තා කර තිබුණද ඔවුන් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් ගැන තමාට වාර්තා නොවූ බවත් එය කනගාටුවට කරුණක් බවත් කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරවලින් පසු දිනක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා අමතා අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය දැනුවත්ව සිටියේද? නැද්ද? යන්න තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් ඒ වනවිටත් සියල්ල සිදුවී අවසන්ව තිබූ බවත් ඔහු කොමිසම හමුවේ සංවේදී වෙමින් පැවැසීය.

පාස්කු දින ප්‍රහාර මාලාවෙන් පසුව සියලු පාර්ශ්වයන් බුද්ධි තොරතුරු නිසි ලෙස හුවමාරු කර නොගත් බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවය විවේචනය කළද, රාජ්‍ය බුද්ධි සේවය සිය කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ බවත් වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය  බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.


උපුටා ගැනීම මව්බිම පුවත්පතිනි.

Singer Deepal Silva passes away

පොඩි ළමයා යන්නම යයි

ප්‍රසංග වේදිකාවේ විශේෂ දස්කම් දැක්වූ ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට 50 වන වියේ පසු වූ ඒ මහතා පසුගිය කාලයේ රෝගාතුරව කාලය ගත කර ති බෙනවා. 

Tele Actress Ja Ela beach party favors - openly kissing. Sexual activity

ටෙලි නිළියගේ සාදය ජා ඇල වෙරළේ ජයටම – එළිපිටම සිප ගැනීම්..ලිංගික ක්‍රියාකාරකම්


ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පදිංචි මෙම ටෙලිනාට්‍ය නිළිය මැදිවිය පසුකරමින් සිටින, ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති තැනැත්තියකි.

ඇය මුදල්වලට දැඩි කෑදරකමක්‌ දැක්‌වූ අතර හොඳින් බැරිනම් නරකින් හෝ මුදල් සෙවීමට ඇය ඉතා දක්‍ෂ තැනැත්තියක්‌ බවයි පැවසෙන්නේ.

වර්තමානයේ වෙරළ සාද පැවැත්වීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක්‌ බව ඇය දැන ගත්තේ යහළුවකු මාර්ගයෙනි.

ඉන්පසු ඇය වෙරළ සාද ගැන දැඩි අධ්‍යයනයක්‌ කළාය. අවසානයේ ටෙලි නිළිය මේ පිළිබඳ මුලසිට අගට තොරතුරු ඉගෙන ගත්තාය. සල්ලිවලට කෑදර ඇය වෙරළ සාදයක්‌ සංවිධානය කිරීමට තීරණය කරනු ලැබුවා.

වෙරළ සාදයේ ප්‍රධාන සංවිධායිකාව ඇයවූ අතර උප සංවිධායිකාව වූයේ ඇගේ දියණියක්.

සාදය පැවැත්වීම සඳහා තෝරා ගත්තේ ජාඇල ප්‍රදේශයයි. එය පැවැත්වීමේ දිනය ලෙස දීපවාලි උත්සවය පැවැති විසිනම වැනිදා තෝරා ගනු ලැබුවා.
වෙරළ සාදය සඳහා සහභාගි වන්නන් ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගත යුතුයි.

එය අවම වශයෙන් රුපියල් දාහක්‌ පමණ වන අතර එක ප්‍රවේශ පත්‍රයකින් ඇතුළු විය හැක්‌කේ එක්‌ අයකුට පමනයි.

විදේශිකයන්ගේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්දාහක්‌ පමණ වන අතර සාදය පැවැත්වෙන භූමියේ නොයෙක්‌ වර්ගයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකිණීමට තිබෙනවා.

එම සියලු මත්ද්‍රව්‍ය විකුණන්නේ වෙළෙඳ පොළේ මිලට වඩා අධික මිලකටයි.

මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිහිය විකල්වූ තරුණ තරුණියෝ එළිපිටම සිප ගැනීම්වල නිරත වීමයි. මඳ වේලාවක්‌ එලෙස සිප ගන්නා ඔවුන් එයින් නවතින්නේ නැත. ලිංගික කටයුතුවල නිරත වීමටද පටන් ගැනීම සුලබ කරුණක්.

සමහර විදෙස්‌ තරුණ තරුණියෝද මෙම වෙරළ සාදවලට සහභාගි වන්නේ මෙරට තරුණ තරුණියන් සමඟ ලිංගික කටයුතුවල නිරත වීමේ බලාපොරොත්තු ඇතිවයි.

වෙරළ සාද පිළිබඳ තොරතුරු සුරාබදු නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන්නේ ඔය අතරතුරේදීයි.

එලෙස දැනගත් පසු වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු වෙරළ සාදය වැටලු අතර එවිට විවිධ වර්ගයේ මත්පැන් බෝතල් හාරසීයක්‌ පමණ සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

ජාඇල වෙරළ සාදයේ නීති විරෝධී අයුරින් මත්පැන් විකූණා තිබුණේ එය සංවිධානය කළ ටෙලි නිළියගේ දියණියයි. අවසානයේ නීති විරෝධී ක්‍රියා සිදුකළ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට සුරා බදු විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත ඇතුළු නිලධාරීහු කටයුතු කර තිබෙනවා.

2 caught with swords, two suspected gang AAVA Group

"ආවා ගෲප්" කල්ලියේ බවට සැක දෙදෙනෙක්‌ කඩු 2ක්‌ සමග අල්ලයි



යාපනයේ සැරිසරන "ආවා ගෲප්" සාමාජිකයන් ලෙස සැකකරන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (30 දා) දහවල් කඩු දෙකක්‌ද සමඟ යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ අතුරු මාර්ගයක්‌ ඔස්‌සේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු පොලිසියෙන් පරීක්‌ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී කඩු දෙකක්‌ හමු වී තිබේ.

ඔවුන් දෙදෙනා පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ නාට්‍යයක්‌ පුහුණුවීම පිණිස මෙම කඩු දෙක රැගෙන යන බවයි.

නමුත් යාපනය පොලිසිය කියා සිටින්නේ එම කඩු දෙක නාට්‍ය සඳහා භාවිත කරන සෙල්ලම් කඩු නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ විශාල ප්‍රමාණයේ කඩු බවයි.

යාපනයේදී පසුගිය සතියේ පොලිසියට හමු වූ කඩු කිහිපයක්‌ සමඟ සස¹ බලන විට මෙම කඩු දෙක හා පෙර අත්අඩංගුවට ගත් කඩුවල සමාන බවක්‌ දක්‌නට ලැබෙන බවද යාපනය පොලිසිය ප්‍රකාශ කළේය.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

Army request permission to stop jaffana tension

යාපනයේ සෙල්ලම් මඬින්න හමුදාව අවසර ඉල්ලයි

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලිය නිසා ඇති වී ඇති අනාරක්‍ෂිත තත්ත්වය මැඬලීම සඳහා තමන්ට මැදිහත්වීමට ඉඩ ලබාදෙන ලෙස යුද හමුදාව රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත. නිල නොවන ලෙස හමුදා අංශ මගින් මෙම ඉල්ලීම රජය වෙත ඉදිරිපත් කර තිබේ. හදිසි නීතිය ක්‍රියාත්මක නොවීම නිසා සිවිල් පාලනයට මැදිහත්වීමට බාධාවක්‌ වී ඇත.

උතුරේ අනාරක්‍ෂිත තත්ත්වය වර්ධනය වීම අනතුරුදායක බව හමුදා බුද්ධි අංශ රජයට අනතුරු ඇඟවීමක්‌ද කර තිබේ.

මේ අතර උතුරේ ක්‍රියාත්මක වන "ආවා ගෲප්" නමැති මැර කල්ලියට ආවරණය දීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනකු ක්‍රියා කරන බව අනාවරණය වී ඇත.

මේ මැර කල්ලිය බේරා ගැනීමේ අරමුණින් එම කල්ලිය හමුදාවේ නිර්මාණයක්‌ බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

ඊ. පී. ආර්. එල්. එµa. මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද ආවා කල්ලිය හමුදාවට සම්බන්ධ බවට චෝදනා නඟා ඇත.

කුලසේකරම් විනෝදන්ගේ නායකත්වය යටතේ ආරම්භ වූ ආවා කල්ලියේ ක්‍රියාකාරීන් 13 ක්‌ පසුගිය ජනවාරි 6 දා අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල නායකයකු වූ සෙන්දුරන් එහි නායකත්වයට පත්වී තිබේ.

මෙම ආවා ගෲප් කණ්‌ඩායමට එරෙහිව ජනතාවගෙන් පැමිණිලි 11 කට අධික සංඛ්‍යාවක්‌ ලැබී තිබුණි. උතුරේ ද්‍රවිඩ ආරංචි මාර්ග දැක්‌වූයේ ස්‌විට්‌සර්ලන්තයේ සිටින කොටි ක්‍රියාකාරිකයකු වූ සන්තෝෂම් මාස්‌ටර් ආවා ගෲප් සමග සබඳකම් පවත්වා තිබේ.

මෙම ආවා ගෲප් කල්ලිය උතුරේ ද්‍රවිඩ පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ ශ්‍රී ගජන් ඇතුළු ද්‍රවිඩ පොලිස්‌ නිලධාරීන්ට ද අනතුරු අඟවා ඇත.

Negambo National School case

මීගමුවේ ජාතික පාසලක සිසුවෝ මැරයෝ වෙලා...!

රටේ ජනනායකයකුගේ නමින් පවතින මීගමුවේ ප්‍රධාන ජාතික පාසලක සිසු විනය දිනෙන් දින පිරිහී එහි ඉගෙනුම ලබන සිසුන් දිනපතා සිදු කරන මැර ක්‍රියා නිසා ප්‍රදේශය පුරා විශාල ආන්දෝලනයක් පැතිරීම හේතුවෙන් ඊට සුදුසු ක්‍රියා මාර්ගයක්‌ ගන්නැයි මීගමුව පොලිසිය සහ එම විදුහලේ සිසු සිසුවියන්ගේ දෙමාපියෝ අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.

එම විදුහලේ සිටින සිසුන්ගේ මැර ක්‍රියා සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පැමිණිලි පොත මේ වන විට පිරී ඇති අතර පොලිසියට මහජන ගැටලු විසඳීම පසෙක තිබියදී මෙම ශිෂ්‍ය ගැටලු විසඳීමට මැදිහත් වීමට සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙම ගැටලු සම්බන්ධයෙන් අඩු තරමින් සාකච්ඡා කිරීමට හෝ මේ දක්‌වා එම විදුහලේ විදුහල්පතිවරයා මීගමුව පොලිසිය සමඟ සම්බන්ධ වීමට කිසිදු උත්සාහයක්‌ ගෙන නැතැයි මීගමුව පොලිස්‌ ආරංචි මාර්ග වලින් හෙළිවේ.

මීගමුවේ තවත් පාසල් රැසක්‌ ඇතත් එහි සිසුන් හෝ ගුරුවරුන්ගෙන් මෙලෙස කිසිදු පැමිණිල්ලක්‌ හෝa පොලිසියට කිසිදු විනය විරෝධී සිදු වීමක්‌ වාර්තා නොවීම පිළිබඳ එම පාසල්වල විදුහල්පතිවරුන්ට පොලිසියට ප්‍රශංසා කර සිටී.

මෙම විදුහලේ 17 හැවිරිදි සිසුවෙකු සංවිධානාත්මක පිරිසක්‌ විසින් පසුගියදා පැහැරගෙන ගොස්‌ පහරදී ඇත්තේ විදුහලේ සිසුන් අතර වූ සිසු ආරවුලක්‌ දුරදිග යැම නිසා බව පොලිස්‌ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත. මේ වන විට විදුහලේ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි පවසන එම විදුහලේ සිසු සිසුවියන්ගේ දෙමාපියන් විදුහලේ පවතින ප්‍රචණ්‌ඩකාරී තත්ත්වය යටපත් කර ගැනීම සඳහා විදුහල ඉදිරියේ 5 ශිෂ්‍යත්වයෙන් සමත්වූ සිසු- සිසුවියන්ගේ ඡායාරූප සහිත බැනරයක්‌ ප්‍රදර්ශනය කරමින් මැර ක්‍රියා පිළිබඳ ජනතාවට කොළේa වසා ගැනීමට විදුහල් බලධාරීන් විසින් ක්‍රියා කරන බවට දෙමාපියන් චෝදනා කරති.

මීගමුව අධ්‍යාපන බල ප්‍රදේශයේ අධ්‍යාපනය කොතරම් පිරිහී ඇත්දැයි කිවහොත් මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දිවයිනේ අධ්‍යාපන කලාප 98 අතරින් මීගමුව කලාපයට හිමිව ඇත්තේ 87 වැනි ස්‌ථානය බව අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තාවලින් වැඩිදුරටත් හෙළිදරව් වේ.

man arrest in Peliyagoda

මංගල දැන්වීම්වලින් කතුන් රැවටූ මල්සරා පෑලියගොඩදී මාට්‌ටු

පත්තරවල මංගල දැන්වීම් පළ කර කාන්තාවන් විවාහ කර ගන්නා බවට ව්‍යාජ පොරොන්දු ලබා දී ඔවුන් සතු කනකර සහ අනිකුත් ආභරණ, මුදල් ඇතුළු වටිනා දේවල් සොරාගත් පනස්‌ වියෑති පුද්ගලයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්‌ඨාස අපරාධ අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ජී. කේ. එල්. රවීන්ද්‍ර මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ සමත්වී තිබේ.


අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසයි.



පළමු විවාහයෙන් අසාර්ථක වී වෙන්වී තනිව සිටින 50 වියෑති මාහට විවාහය සඳහා නිහතමානී කාන්තාවකට ආරාධනා කරන අතර වැන්දඹු සහ එක්‌ දරු මවක්‌ වුවද සලකා බලනු ලබන බව පවසා ඉතාමත් සිත් ඇද ගන්නා සුලු වදන්වලින් එම මංගල දැන්වීම් පළ කරන බවත් මේ අයුරින් මංගල දැන්වීම් පළ කර ඒවාට ලැබෙන ප්‍රතිචාර ලිපි අනුව එම කාන්තාවන්ගේ නිවෙස්‌වලට ගොස්‌ කතා බහ කර අනතුරුව එම කාන්තාවන්ගේ කැමැත්ත පරිදි ඔවුන් හඳුනාගෙන ඇසුරු කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.



ඉන් ඉක්‌බිතිව මෙම අනංගරජා එම කාන්තාවන්ගේ මනාපය පරිදි චිත්‍රපට නැරඹීම, වන්දනා ගමන් යැම, උත්සවවලට යැම සහ හෝටල්වලටද රැගෙන ගොස්‌ තිබෙන බව පොලිසිය කරන ලද මූලික පරීක්‌ෂණවලදී හෙළිවී ඇත.



මෙම සැකකරු මීට ඉහතදීද රුපියල් ලක්‌ෂ දහයක්‌ ලබා ගෙන බහු විවාහයක්‌ සිදු කිරීම පිළිබඳව පෑලියගොඩ විශේෂ විමර්ශන අංශය මඟින් නඩුවක්‌ද තිබෙන බවද එම නඩු විභාගයට වරෙන්තු නිකුත් කර ඇති බවත් තවද ගාලු දිස්‌ත්‍රික්‌කයේ බද්දේගම පොලිස්‌ බල ප්‍රදේශයට අයත් එක්‌ කාන්තාවක්‌ විවාහ කරගන්නා පොරොන්දුව මත ඇයගෙන්ද රුපියල් අසූපන්දහසක්‌ රවටා ලබාගෙන එයටද බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් පවා වරෙන්තු නිකුත් කර ඇති බව පරීක්‌ෂණ කටයුතු මෙහෙයවන පොලිස්‌ නිලධාරීන් හට තොරතුරු ලැබී ඇතැයි ඔවුන් පවසයි.



1985 සිට මේ අයුරින් විවාහක අවිවාහක කාන්තාවන් රවටා මුදල් වංචා සිදු කිරීම්වලට අදාළව දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක්‌ හැටියටද මීට ඉහතදී වැරදි පහක්‌ ඇති පුද්ගලයෙක්‌ බව පොලිසිය කියයි. සැකකරු මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

women's underwear theft arrest in Galewela


කොට්ටයක් මහන්න කාන්තා යට ඇඳුම් ඉස්සූ හොරෙක් මාට්ටු


රාත්‍රි කාලයේ කාන්තා යට ඇඳුම් හොරකම් කර ඒවායින් හැදූ කොට්ටයක නිදාගැනීමට පුරුදු වූ ගලේවෙල තරුණයකු අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සැකකරුගේ වෛද්‍ය වාර්තා කැඳවන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

කාන්තා යට ඇඳුම් සොරා ගනිමින් සිටියදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගලේවෙල පොලිසියට භාරදී තිබෙන්නේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් පිරිසක් විසිනි. ඔවුන්ට මේ යට ඇඳුම් හෙරා අල්ලා ගන්නට හැකිව තිබෙන්නේ ගලේවෙලට ආසන්න ගම්මානයක සිදුවූ අවමංගල්‍යයකට සහභාගිවීමට පැමිණ සිටි අවස්ථාවේ මේ පුද්ගලයා නිවෙසක් අසල සැකකටයුතු ලෙස හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමේදීය. එම නිවෙසේ මිදුලේ බැඳ තිබූ රෙදි වැලකින් රෙදි සොරකම් කරනු දැක වහා ඒ වෙත ගිය මෙම කමිටු සාමාජිකයන් යට ඇඳුම් සොරා අල්ලාගෙන ගලේවෙල පොලිසියට භාරදී තිබේ.

ගලේවෙල පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී සොරා ගන්නා කාන්තා ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන මේ පුද්ගලයා යට ඇඳුම්වලින්ම සාදාගත් කොට්ටයක් මත හිස තබා ගෙන නිදාගන්නා බවද සොයා තෙන ඇත. සැකකරු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නැවතත් පසුගියදා (25දා) දඹුල්ල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් බණ්ඩාර කුලතුංග මහතා වෙත ඉදිරිපත් කරන ලදී. මෙහිදී මීට පෙර අධිකරණය විසින් කැඳවා තිබූ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් නොවූයෙන් සැකකරු තවදුරටත් මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Rohitha Rajapaksha's New Song Manu Gunadam with Kavindya adikari

රෝහිත, කාවින්ද්‍යා අධිකාරීත් එක්ක කරපු අලුත්ම වැඩේ

රෝහිත රාජපක්ෂ.... මේ නම අහපු ගමන් ඉතින් කාටත්ම මතක් වෙන කෙනෙක් ඉන්නවානේ. ඔව් ඉතින් ඒ ඔයාට මතක් වුණ කෙනා ගැන තමයි කියන්න යන්නේ. එයා කරපු අලුත්ම වැඩක් ගැන තමයි. 

ඉස්සෙල්ලාම මෙයා කවුද කියලා හඳුන්වාදීමක් කරන්නම්. මොකද සමහර අය නොදන්නවා ඇතිනේ. රෝහිත රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතණුවන්. රෝහිත විවිධ අංශයන්ගේ දක්ෂතා දක්වන්නෙක් කියලා ඔහු ගැන දන්න කියන හැමෝම දන්නා දෙයක්. රෝහිත කලාව සම්බන්ධයෙන් දක්වන දක්ෂතාවය කෙසේද යන්න ඔහු මීට පෙර නිකුත් කළ වීඩියෝවෙන් අපට හඳුනා ගත හැකියි. 

ඒ ඔහු මින් පෙර ගායනා කළ "ළං වී" කියන ගීතය හරහා. දැන් අපි කියන්න යන්නේ ඒ ගීතය ගැන නම් නෙවෙයි. 

මේ රෝහිත කරපු අලුත් වැඩක් ගැනයි කියන්න යන්නේ. 

මෙය මානූෂිය ගුණ දම් මූලික කර ගනිමින් කරපු අලුත්ම ගීතයක්. මෙම නව ගීතය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙම ගීතය යුග ගීතයක් වන අතර මෙහි සහාය ගායන සිදු කරන්නේ මෙරට ජනප්‍රිය ගායක යුවළක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරියි. 

"මනු ගුණදම්" යනුවෙන් නම් කර ඇති මෙම ගීතයේ සංගීතය පසන් ලියනගේ ගෙනි. ගේය පද රචනය සජිත් වී. චතුරංගගෙන් වන අතර රෝහිත රාජපක්ෂ සහ කාවින්ද්‍යා අධිකාරි මෙහි හඬ මුසු කරනවා. 
ඉතින් මෙම ගීතය අහලා බලන්න... 

අපි නම් හිතනවා මෙය සමහරක් දේශපාලන නායකයන්ගේ පුතුන්ට ආදර්ශයක් කියලා. 



මින් පෙර නිකුත් කළ ළං වී ගීතය පහළින්...

Why Karishma Kapoor come to Sri Lanka

කාටත් හොරෙන් කරිෂ්මා ලංකාවට ඇවිත් ගිය හේතුව හෙළිවෙයි

කරිෂ්මා කපුර්... බොලිවුඩයේ සුපිරිම තාරකාවියක්. ඒත් ඇය පසුගියදා හොර රහසින්ම ලංකාවට පැමිණි නැවත ගොස් ඇති බව අපට වාර්තා වුණා. එලෙස ඇය පැමිණි ඇත්තේ කුමටද යන්න මේ වන විට අනාවරණ වී තිබෙනවා  ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ සුවඳ විලවුන් ප්‍රචාරක වැඩසටහනකට සහභාගි වීමට බවයි වාර්තා වන්නේ. 
ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නැගණිය වන රිෂිනි වීරරත්න තමයි මෙම වැඩ කටයුත්ත සංවිධානය කරලා තිබුණේ. මෙම අවස්ථාවට කරිෂ්මා කපුර් වගේම මෙරට මැති ඇමැතිවරු විශාල ප්‍රමාණයක් එක්ව සිටියා. එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 





How the police and verbally harsh words when he went to arrest in Chile.

චිලී  පොලීසියට පරුෂ වචනයෙන් බැන වැදුණු හැටි - වීඩියෝ

තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදුන් සිදුවීමක් සම්බන්ධයෙන් ‘චිලී’ හෙවත් තිලංක විදූෂ නම් ගායකයෙක් පසුගිය 11 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඔහු ලබන ඔක්තෝබර් මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කෙසේ වෙතත් බන්ධනනාගාර ගත කෙරුණු මෙම ගායකයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

ඔහු මෙසේ බැන වදින්නේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට වන අතර එහිදී පැමිණි පිරිස හා චිලීගේ මව යැයි පැවසෙන කාන්තාව සමග යම් වචන හුවමාරුවක් සිදුවනවා.

ඉන්පසු චිලී නැමැත්තා එයට මැදිහත්වන අතර ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් එම නිළධාරීන් නිවසින් පිටමන් කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේ සංස්කරණය නොකළ දසුන් පහතින් නරඹන්න.




The groom went to the bride's shoulders on the tragedy of the wedding, among the last journey

මනාලියගේ උරහිස මත මංගල රියේදීම අවසන්ගමන් ගිය මනමාලයාගේ ශෝකාන්තය

සර තුනක පමණ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධය මල් පල ගන්වමින් විවාහ දිවියට ඇතුළත්ව සිය මනාලිය තම නිවසට කැන්දාගෙන එන අතුරතුරදී පසුගියදා (7 දා) මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් මියගිය අතිශය හදකම්පා කරන පුවතක්‌ ඉබ්බාගමුවෙන් වාර්තා විය.

මේ අතිශය ශෝක ජනක සිදුවීම පෙම්වතුන්ගේ පමණක්‌ නොව කාගේත් කම්පාවට හේතු වී තිබේ. එම පුවත අසා කම්පාවට පත් අපි ද එම නිවස සොයා ගියෙමු. එහි ගිය අපට අසන්නට ලැබුණේ විලාප හඬ පමණි.

මනාලයා ඉබ්බාගමුව තලහින්න පදිංචි පී.ඒ. ඉසුරු සම්පත් රණතුංගයි. වයස අවුරුදු 25 කි. මනාලිය දකුණේ මාතර හක්‌මන පනම්විල 24 හැවිරිදි තරුණියකි.

මනාලියක සේ සැරසී තලහින්න ගම්මානයට එන්නට පෙරුම් පිරූ ඇය තම සැමියාගේ පෙම්වතාගේ දේහය අසල වැළපෙන අයුරු දකින බොහෝ දෙනා පැත්තකට වී කඳුළු සලන අයුරු අපි දුටුවෙමු.

මොහොතක්‌ නිහඬව සිටි අපි මනාලියගෙන් පෙම් කතාන්තරය පිළිබඳ විමසා සිsටියෙමු.

"මම මාතර හක්‌මන, ඉසුරු ඉබ්බාගමුවේ, අපි දෙන්නා 2014 කතරගම වන්දනාවේ ආවා. එදා තමා ඔහුත් මාත් ප්‍රථම වරට දැක්‌කේ. දැක්‌කදාම මගේ සිත ඇදී ගියා. ඊට පසු ඔහු සමඟ කතා කළා. ඉසුරුගේ දුරකථන අංකය මට දුන්නා. ඉතින් අපි දුරකථනයෙන් නිතරම කතා කළා. ඊට පස්‌සේ එයා දෙමාපියන් සමඟ අපේ නිවසට ආවා. ඇවිත් විවාහයට කැමැත්ත පළ කළා. 6 වැනිදා තමයි විවාහ උත්සවය ගත්තේ. එයා මාත් එක්‌ක විහිළු කරමින් ඩාන්ස්‌ කළා. (හඬයි) අපි ඉබ්බාගමු එන්න පිටත් වුණේ සවස 3.30 ට විතර මාතර අධිවේගී මාර්ගයේ සුන්දර තැනක්‌ දැකලා පින්තූර ටිකක්‌ ගනිමුයි කියලා අපි පින්තූර ගත්තා. ඒ තමයි අවසානවතාවට ගත් පින්තූර. ඇහැලිගොඩ නගරයට එන විට රාත්‍රි 8.30 ට පමණ ඇති. අපි දෙන්නා අනාගතය ගැන විවිධ කතා කියමින් විහිළු කර ගනිමින් මංගල රථයේ ආවේ."

"එක පාරටම එයා මට මහන්සියි මං ටිකක්‌ නිදා ගන්නවා. ඔයාගේ කරට හෙත්තු වෙන්නම් කියලා මගේ කරට හිස තියා ගත්තා. මට වෙනසක්‌ දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක්‌ අයටත් දැනුම් දුන්නා. පසුව එයාට සිහිය නැහැ. අපේ ඥතීන් ඉසුරු ඉක්‌මනට අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කනගාටුයි මිය ගිහිල්ලා කියලා. අනේ මට කතා කරගන්න බෑ." ඇය හඬන්නට වූවාය. අපි නැවත ඇය සමඟ කතා නොකෙළෙමු. 

මියගිය ඉසුරුගේ ලොකු අම්මා වන එම්. එම්. සෞම්‍යලතා මහත්මිය මෙසේ පැවසුවාය. 

මගේ පුතා මේ දින ටිකේම ඉතාම සන්තෝසෙන් හිටියේ. ලොකු අම්මේ මං අද මනාලිත් එක්‌ක ඩාන්ස්‌ කරනවා. ලස්‌සනද බලන්න කියලා ටික වේලාවක්‌ ඩාන්ස්‌ කළා. ඊට පස්‌සේ අපි ළඟට ඇවිල්ලා මං හෙට ගෙදර එනවිට හොඳ ලස්‌සනට සරසලා තියන්න ඕනෑ. මගේ යාළුවෝ උදව් කරයි කීවා. දොස්‌තර මහත්වරු මරණ පරීක්‌ෂණයේදී කිව්වේ දිගටම මහන්සිවීමත් නිදි මැරීමත් ආහාර නොගැනීමත් අධික සතුටත් නිසා ඇතිවූ හෘදයාබාධයක්‌ නිසා මියගිය බවයි. අපේ නංගිටත් අයියාටත් මේ දරුවා විතරයි ඉන්නේ අනේ මේ වගේ දෙයක්‌ ඇයි දරුවාට සිදු වුණේ.

ඉසුරුගේ පියාවන පී.ඒ. රණතුංග මහතා හඬා වැළපෙමින් මෙසේ පැවැසීය. 

ඒ දරුවට අපි ළඟ ඉන්න තිබූ කාලය අවසන් කළා. ඒ නිසා දරුවා දෙවියෝ උදුරා ගත්තා. පුතා ජනශක්‌ති ඉන්ෂුවරන්ස්‌ කුරුණෑගල ශාඛාවේ වැඩ කළා. 2015 යොවුන් පාර්ලිමේන්තුවටත් තරග කළා. අද 08 වැනිදා අට සීයයකට මඟුල් කියලා තිබුණා. නමුත් එයා අද නෑදෑයන් මිතුරන් දෙමාපියන් හැරගිල්ලා. මගේ පුතා සමාජ වැඩකටයුතු වලට ඉතාම දක්‌ෂයි. 

මාතර මංගල උත්සවයට එයාගේ යාළුවෝ ඔක්‌කෝම එක්‌ක ගියා. 6 වැනිදා පාන්දර 1.30 ට තමයි අපි මාතර බලා පිටත් වුණේ. නමුත් 7 වැනිදා රාත්‍රි 8.30ට එයා ගෙදර ආවේ පෙට්‌ටියෙන්. මේවාගේ විපත් අහන්න දකින්න ලැබෙන්න එපා. එයාගේ ජීවිතේ හොඳම කාලේ හොඳම දවසේ එයා අපෙන් සමුගත්තා. මනුස්‌සයෝ හැටියට මේ දුක අපිට උහුලන්න බැහැ.

නෑදැ හිතමිතුරන් සමඟ තම මංගල උත්සවය උත්කර්ශවත් අන්දමින් සමරන්නට කටයුතු සංවිධානය කළ ඉසුරු සම්පත් ඉරිදා (ඊයේ 9 දා) හවස සිය පෙම්බරියගේත් නෑදැ හිතමිතුරන්ගේත් විලාප හඬ මැද්දේ තලහින්න පොදු සුසාන භූමියේදී අවසන් වරට සැතපුණේය. 









Make a joint government - Mahinda

ඒකාබද්ධ ආණ්‌ඩුවක්‌ හදනවා - මහින්ද කියයි

මේ රටේ සියලු පක්‍ෂ හා පෙරමුණු ඒකාබද්ධ කරගෙන මේ ආණ්‌ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධව පෙළගැසී ඒකාබද්ධ ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ්‍

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරගලයකට පණ පොවන නව ජනතා බලවේගය යන මැයෙන් ඒකාබද්ධ විපක්‍ෂය රත්නපුර නගරයේ පෙරේදා (8 දා) පැවැත්වූ ජනහමුවට එක්‌වෙමිනි. 

ජනතාව ඉල්ලන දේ දෙන්න තමා ලෑස්‌ති බවත් පැවැසූ හිටපු ජනාධිපතිවරයා අද ආණ්‌ඩු පක්‍ෂයට ගොස්‌ සිටින අයත් වැඩි කලක්‌ යැමට පෙර අපේ පක්‍ෂයේ හිටගන්නා බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති පැත්තකට දමා අලියාගේ පස්‌සේ යන එක කනගාටුවට කරුණක්‌ බවත් බණ්‌ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එ.ජා.පයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහි කළේ එ.ජා.ප. ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයට එරෙහිව බවත් මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

රත්නපුර නගරයේ පැවැති මෙම රැලියට විශාල පිරිසක්‌ රැස්‌ව සිටියහ.





Sri Lanka is a popular actress - born in Italy, said Oshini

ඉතාලියේ ඉපිද ලංකාවේ ජනප්‍රිය නිළියක් වීමට සිහින දකින ඔෂිනි

විජේමුණි ඔෂිනි අල්ලේග්‍රා, නිලියක වීමේ අරමුණින් ඉතාලියේ අධ්‍යාපනය ලබන යුවතියක්. ඔෂිනි ඉපදුණේ ඉතාලියේ. ඒ ඇයගේ මව සහ පියා ඉතාලයේ පදිංචිව සිටින නිසා. විනෝදාංශයන් ලෙස ඇය නිරූපණය හදාරනවා. 
ඇයට ඕස්ට්‍රේලියාවේ මොනෑස්හි මෝස්තර නිරූපණය පිළිබඳ මෝස්තර නිරූපණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක නිරූපණ ශිල්පිය හදාරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඔෂිනි රූප රැජින තරග කිහිපයකටම සහභාගි වීම සඳහා ආරාධනා ලැබුණත් ඊට අවස්ථාව නොලැබෙන්නේ වයස සම්පූර්ණ නොවීම හේතුවෙන්. 
කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටින ඔෂිනිට ගීතයක රූප රචනාවකට පෙනී සිටීමට ආරාධනා ලැබ තිබේ. ගීය ගයන්නේ නිරෝෂා විරාජිනි සහ කසුන් කල්හාරය. මේ ගීයේ රූප රචනාවට රඟපෑම සඳහා ජනප්‍රිය නළු රන්රජන් රාමනායක විසින් තමන්ට අවස්ථාව ලබාදීමට කැමැති වූ බව ඔෂිනි පවසනවා. රන්ජන් වැනි ප්‍රවීණයකු සමග ගීයක රූප රචනාවක රඟපෑම සිහිනයක් සැබෑ වීමක් බවද ඇය පවසන්නීය. 
අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. මට සහෝදරයෙක් සහ සහෝදරියන් ඉන්නවා. අම්මයි, තාත්තායි ලංකාවේ. ඒත් මම ඉපසුණේ ඉතාලියේ. මම කැමැති නිරූපණ ශිලිපිනයක් සහ රංගන ශිල්පිනියක් වීමටයි. ඒ සඳහා වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම සූදානම්. තවම වයස සම්පූර්ණ නැති නිසා බොහෝ අවස්ථාවන් මග හැරෙනවා. ඒ ගැන දුකයි. ඒත් මම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුව, ආශාව අත්හරින්නේ නෑ. අම්මයි තාත්තායි කැමැතියි මම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවාට. ඉතාලියේ අධ්‍යාපන කටයුතු කරන අතරේ මම රංගන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කර ගන්න බලාපොරොත්තු වෙනවා යැයි ඔෂිනි පවසනවා. 

උපුටා ගැනීම - දිවයින මීවිත අතිරේකයෙන්


Facebook IGPs mobile to Colombo University Computer Division

ෆේස්බුක් පොලිස්පතිගේ දුරකථනය කොළඹ සරසවි පරිගණක අංශයට‍

අන්තර් ජාලය ඔස්සේ පොලිස්පතිතුමන් හා විවිධ තනතුරුවලින් පෙනී සිටිමින් කාන්තාවන් රවටා නොයෙක් ප්‍රතිලාභ ලැබූ බව කියන තරුණයා භාවිතා කළ දුරකථනය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (08) රහස් පොලීසියට නියෝග කළේය. 
සැකකරු තවත් ගිණුම් 3ක ව්‍යාජ ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගේ ප්‍රතිලාභ ලබාගෙන ඇති වටද සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශනයේදී කරුණු අනාවරණය වූ බවට රහස් පොලීසිය අධිකරණයට  දැන්වීය. 
2016 ජුනි මසදී Pujitha Jayasundara මුහුණු පොතෙහි ජීව දත්ත පිටුවක් මගින් පැමිණිලිකාරියට චැට් කිරීමට ඇරයුම් කර ඇති සැකකරු විවිධ ලාභ ප්‍රයෝජන ඇයගෙන් අපේක්ෂා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය. 
2009 වර්ෂයේදී නවසීලන්තය වෙත ගිය  සැකකරු එහි සිට මෙම වරද සිදුකර ඇති බවත් නවසීලන්තයේ ඔක්ලන්ඩ් මෝටර් රථ අලුත්වැඩියා පෞද්ගලික සමාගමක මොහු සේවය කළ බවට රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි. 
ඉකුත් 5 වන දා සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවට පැමිණිමේදී රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ති බිණි. 
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. 

"One blood" as opposed to the "lion blood" Search in fall PM

"එකම ලේ"වලට විරුද්ධ වූ "සිංහ ලේ" ගැන සොයන්න අගමැතිත් බහී


සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් “එකම ලේ” නමින් ජාතිවාදයට එරෙහිව සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාට දැණුම් දී ඇති බව වාර්තා වනවා.

පසුගිය දිනෙක සිවිල් ක්‍රියාධරයන් කණ්ඩායමක් පැවැත්වූ මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට “සිංහ ලේ ජාතික බලමුළුව” යැයි කියාගන්නා පිරිසක් කඩා පැන ගැටුමක් නිර්මාණය කළ අතර අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරයාට ඊයේ (25) දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව යි.

එම විරෝධතාවට බාධා කළ “සිංහ ලේ” පිරිස හමුවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව තමන්ට වාර්තා කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.