ඒකාබද්ධ ආණ්ඩුවක් හදනවා - මහින්ද කියයි
මේ රටේ සියලු පක්ෂ හා පෙරමුණු ඒකාබද්ධ කරගෙන මේ ආණ්ඩුවේ ක්රියාකලාපයට විරුද්ධව පෙළගැසී ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ්
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරගලයකට පණ පොවන නව ජනතා බලවේගය යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය රත්නපුර නගරයේ පෙරේදා (8 දා) පැවැත්වූ ජනහමුවට එක්වෙමිනි.
ජනතාව ඉල්ලන දේ දෙන්න තමා ලෑස්ති බවත් පැවැසූ හිටපු ජනාධිපතිවරයා අද ආණ්ඩු පක්ෂයට ගොස් සිටින අයත් වැඩි කලක් යැමට පෙර අපේ පක්ෂයේ හිටගන්නා බවත් පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්ති පැත්තකට දමා අලියාගේ පස්සේ යන එක කනගාටුවට කරුණක් බවත් බණ්ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්ෂ මහතා එ.ජා.පයෙන් ඉවත් වී ශ්රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේ එ.ජා.ප. ප්රතිපත්ති හා ක්රියාකලාපයට එරෙහිව බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
රත්නපුර නගරයේ පැවැති මෙම රැලියට විශාල පිරිසක් රැස්ව සිටියහ.