කාටත් හොරෙන් කරිෂ්මා ලංකාවට ඇවිත් ගිය හේතුව හෙළිවෙයි
කරිෂ්මා කපුර්... බොලිවුඩයේ සුපිරිම තාරකාවියක්. ඒත් ඇය පසුගියදා හොර රහසින්ම ලංකාවට පැමිණි නැවත ගොස් ඇති බව අපට වාර්තා වුණා. එලෙස ඇය පැමිණි ඇත්තේ කුමටද යන්න මේ වන විට අනාවරණ වී තිබෙනවා ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ සුවඳ විලවුන් ප්රචාරක වැඩසටහනකට සහභාගි වීමට බවයි වාර්තා වන්නේ.
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්නගේ නැගණිය වන රිෂිනි වීරරත්න තමයි මෙම වැඩ කටයුත්ත සංවිධානය කරලා තිබුණේ. මෙම අවස්ථාවට කරිෂ්මා කපුර් වගේම මෙරට මැති ඇමැතිවරු විශාල ප්රමාණයක් එක්ව සිටියා. එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.