Husband, wife sets fire

සැමියෙකු බිරිදට ගිනි තබයි

අම්පාර, සමන්තුරේ, කාරතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය බිරිඳට ගිනි තබා ඝාතනය කර තිබෙනවා. 

පොලීසිය පවසන්පනේ වුල් ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (04) රාත්‍රියේදී මෙලෙස සැමියා විසින් 31 හැවිරිදි බිරිඳට ගිනි තබා ඇති බවයි. 

මේ වනවිට සැකකාර 30 හැවිරිදි සැමියා සමන්තුරේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මොවුන් විවාහ වී තවමත් ගත වී ඇත්තේ මාස 4 ක් පමණක් වන අතර, බීමත් සැමියා සහ බිරිද අතර දිගින් දිගටම ආරවුල් පැවති බව සදහන්.

කෙසේ නමුත්, මොහු ඝාතනය සිදුකළ දිනයේ බීමත්ව නොසිටි බවයි වාර්තා වන්නේ. 

මියගිය  බිරිදගේ දෙමාපියන් ද එදින නිවසේ සිට ඇති අතර, ඔවුන්ට සිද්ධිය පිලිබද හෝඩුවාවක් ලැබී නැහැ. 

නිවසින් පිටත ගිනි ගොඩක් ගසා කාන්තාව පුළුස්සා ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඇය ඝාතනය කර එහි දමා ඇත්ද යන්න පිළිබදව මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙනවා.

Share this