GCE A/L Exam start today

උසස් පෙළ කඩඉම් විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය දිවයින පුරා පිහිටි මධ්‍යස්‌ථාන 2204 කදී අද (02) ආරම්භ කිරීමට නියමිතයි.

විභාග අක්‍රමිකතා වැළැක්‌වීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් හා පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ ඒකාබද්ධව අධීක්‍ෂණ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසනවා.

මෙවර විභාගය විෂය ධාරා හයක්‌ යටතේ පැවැත්වෙන අතර අයදුම්කරුවෝ  3,15,605 දෙනෙක්‌ ඊට පෙනී සිටිති. මේ අතරින් 2,40,991 දෙනෙක්‌ පාසල් අයදුම්කරුවන්ය. 27,500 ක කාර්ය මණ්‌ඩලයක්‌ ද වෙයි.

විභාගය උදේ 8.30 ට ආරම්භ වන අතර උදේ 8 වන විට විභාග ශාලාවට පැමිණෙන ලෙස අයදුම්කරුවන්ට උපදෙස්‌ දෙනු ලැබ ඇත.

ජංගම දුරකථන, Smart Watch, බ්ලූටූත් ඇති විද්‍යුත් උපකරණ ළඟ තබාගෙන විභාගයට පෙනී සිටීම සපුරා තහනම් වන අතර එම නියමයන් කඩකරන්නන්ට වසර පහක විභාග තහනමක්‌ පනවන බව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා පවසනවා.

Share this