Sachini Ayendra won 3 awards in USA

අමෙරිකාවෙන් සචිනිට පදක්කම්  [ඡායාරූප සහිතයි]

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා. 
2016 World Championships Performing Arts (WCOPA) තරගාවලියට ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් ප්‍රථමවරට ඉදිරිපත් වූයේ සචිනි අයේන්ද්‍රායි. අවුරුදු 20ක සිට පැවැත්වෙන මෙම තරගයට රටවල් 65කට අයත් තරගකාරියන් එක්ව සිටිනවා. 
මෙම තරගාවලිය නර්තනය, ගායනය, රංගනය සහ මෝස්තර නිරූපණය යන ක්ෂේත්‍ර හතරක් යටතේ පැවැත්වෙනවා. 



Share this