Nugegoda Neelamanis situation brings down

නුගේගොඩ අනුලාවේ නීලමනීගේ තත්ත්වය පහළ දමයි

නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිවරියව සිටි සන්ධ්‍යා නීලමනී මලවිආරච්චි මහත්මිය සිදු කර ඇති අක්‍රමිකතා 23 කට වැරදිකාරිය වීම නිසා නිල තත්ත්වයෙන් පහත හෙළීමටත් එම පාසලින් ඉවත් කර වෙනත් ස්‌ථානයක ස්‌ථානගත කිරීමටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර ඇත. එමෙන්ම ඇයගේ වැටුප් වර්ධක තුනක්‌ පහත හෙළීමටද රුපියල් තිස්‌ දහසක්‌ අය කර ගැනීමට ද තවදුරටත් නියෝග කර තිබේ.

පාසලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කිරීම ඇතුළු චෝදනා 69 ක්‌ ඇයට එරෙහිව එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද විධිමත් පරීක්‍ෂණයෙන් චෝදනා 23 කට වැරදිකාරිය වීම මත ඇයට මෙම දඬුවම් ලබාදී ඇත. මලවිආරච්චි මහත්මියට එරෙහිව චෝදනා එල්ල වීමෙන් පසු 2010 වසරේ සිට අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටියාය. එම කාලය පුරාම ඇයට වැටුප් ගෙවා ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග ප්‍රකාරව ඇය අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශේ්‍රණියේ සිට දෙවැනි ශේ්‍රණිය දක්‌වා නිල තත්ත්වය පහත හෙළීමට නියමිතය.

Nugegoda Neelamani's situation brings down

Reduction in the school official guilty condition because over 23 irregularities were Neelamani viduhalpativariyava Nugoda College Malaviarachchi she carried out a location to place the Public Service Commission has ordered the Ministry of Education. Has been further ordered to a thousand people, and earned her three throw following thirty rupees.

She had been against 69 accused, including money enrolling children to school and she has been given the punishment on the guilty to 23 charges in the investigation of it. After allegations against Malaviarachchi had been sent on compulsory leave since 2010. The rest of her salary paid.

She will be in accordance with the Public Service Commission Regulations Lowering official status from the Second Grade Grade Education Administrative Service.

Share this