A ban on television and radio ads, and birth control

රූපවාහිනියෙන් සහ රේඩියෝවෙන් උපත් පාලන දැන්වීම්වලට තහනමක් 

උපත් පාලන සහ පවුල් සැලසුම් සම්බන්ධයෙන් සියලුම ප්‍රචාරණ දැන්වීම් තහනම් කිරීමට පකිස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ දැන්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි පකිස්ථාන රූපවාහිනි සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය එරට රූපනවාහිනී සහ ගුවන් විදුලි ආයතනවලට දැනුම්දී තිබෙනවා.
උපත් පාලන දැන්වීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එවැනි දැන්වීම් හරහා දරුවන්ගේ කුතුහලය ඇවිස්සෙන බවටද පැමිණිලි ලැබී ඇති බවයි පකිස්ථාන රූපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය පවසන්නේ. 
ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් අතරින් පකිස්ථානයට හිමිවන්නේ 6 වන ස්ථානයයි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ පකිස්ථානයේ උපත් පාලන පහසුකම් අවම මට්ටමක පවතින බවයි. 


Share this