ගුරුවරිය ඉස්සූ විදුහල්පති පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට
විවාහක ගුරුවරියක රැගෙන ගිය බවට චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්‌නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සිය දරුවා ද සමඟ විදුහල්පතිවරයා සමග ගොස් සිටින අදාළ ගුරුවරිය ද එම පාසලෙන් මාරු කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දෙදරු පියකු වන මෙම විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරියගේ සැමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇතැයි වාර්තා වේ. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගුරුවරියගේ සැමියා විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ද දැනුවත් කර තිබෙනවා.