Best gift received Hirunika years

හිරුණිකාට ජීවිතේ ලැබුණු හොඳම අවුරුදු තෑග්ග

=============================================

දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. එසේම ඇය සම්බන්ධයෙන් පසුගිය කාලයේ එතරම් සුබදායක පුවත් නෙවෙයි අපට අසන්නට දකින්නට ලැබුණේ. කෙසේ වෙතත් මෙදා අවුරුද්දට නම් හිරුණිකාට අපූරූ තෑග්ගක් ලැබිලා කියලා තමයි හිරුණිකා එයාගේ ෆේස්බුක් පිටුවේ ලියලා තියෙන්නේ. ඇය විසින් එය ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන්නේ මේ ආකාරයෙන්. 

අද මාගේ ජීවිතේටම ලැබිච්ච හොඳම අවුරුදු තෑග්ග ලැබුනා. ඒ මගෙ ආද‍රනීය සැමියාගෙන්. පසුගිය සති කීපයම මටත් හොරෙන් මගෙ කාර්ය මණ්ඩලයත් සමග වැඩිහිටි අම්මලා, තාත්තලා වෙනුවෙන් අවුරුදු උත්සවයක් සංවිධානය කරලා. මං ඒ ස්ථානයට යනකම්ම දැනන් හිටියේ නෑ. ඇත්තට අපි අවුරුදු සමරනකොට වැඩිහිටි නිවාස වල , ලමා නිවාස වල කාත් කවුරුවත් නැතිව තනිවෙලා ඉන්න උදවිය ගැන මොහොතකට මතක් කරලා ඔවුන් වෙනුවෙන් මොනාහරි කරන්න පුලුවන් නම්, ඒ අවුරුද්ද අපටඅමතක නොවෙන අවුරුද්දක් වෙනවා වගේම හැමදාම ඔවුන් අපිව මතක් කරලා පිං දේවි. මගේ මුළු අවුරුද්දම ලස්සන කලාට 'හිරාන්' ඔයාට ගොඩාක් ස්තූතියි!

ඊයේ (අප්‍රේල් 17) ඇයටත් හොර රහසේ ඇයගේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු මෙම අවුරුදු උත්සවය පැවැත්වුණේ දෙහිවල අත්තිඩිය සහන උයන වැඩිහිටි නිවසේදීයි. මේ එහි ඡායාරූප එකතුවක්. 
































Share this