නිවසේ වැඩ පෙන්නපු නර්ස් නෝනා මෙන්න

උතුම් පැතුම් සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත අංකල් සෑම් යන ටෙලි සිතුවම්වල සොඳුරු චරිත මැවූ සමාධි පෙරේරා මේ දිනවල තවත් අපූරු චරිතයකට පණ පොවනවාලු.

අපට දැනගන්නට ලැබෙන පරිදි ඇයට මෙවර ලැබිලා තියෙන්නේ සාත්තු සේවිකාවකගේ චරිතයක්. හැබැයි ටෙලි නාට්‍යක හෝ සිනමාපටයක නම් නෙවෙයි සමාධි මේ චරිතය මවන්නේ. ඇය සාස්තු සේවිකාවක් වෙලා තියෙන්නේ සැබෑ ජීවිතයේ. ඒකෙන් අපි අදහස් කළේ සමාධි වෘත්තීය මට්ටමේ සාත්තු සේවිකාවක් වුණා කියන එක නම් නෙවෙයි.

එහෙනම් කොහොමද? ඔබ අපෙන් අසාවි. අහගන්නකො මේකයි වෙලා තියෙන්නේ. සමාධිගේ ආදරණීය මව හදිසි අනතුරකට පත් වෙලා.  මල්ලියි තාත්තයි රාජකාරිවල නියැලෙන හින්දා ඇය තීරණය කළාලු පුළුවන් තරම් කාලයක් ගෙදර රැඳෙමින් අම්මට සාත්තු කරන්න.

දැනගන්නට ලැබෙන පරිදි සමාධිට දැන් ප්‍රථමාධාර කටයුතු එහෙම හොඳට පුළුවන්ලු. මේ අතරේ සමාධිගේ නාට්‍යවල ඉන්න පිරිස බය වෙලා ඇය නාට්‍ය අතහැර හෙදියක් වන්නට යාවිදෝ කියලා. තවමත් පසු වන්නේ ඉගෙන ගන්න වයසේ නිසා සමාධිත් ඒ ගැන හිත හිත ඉන්නවලු.

සමාධිගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න...



Share this