වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඔවුන් දෙදෙනාට පමණක් සීමාවු සාකච්ඡාවක් ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.
ඊයේ අයවැය විවාදය හමුවේ එකිනෙකා තම අදහස් ඉදිරිපත් කිරීමට පෙර සිදුවී ඇති මෙම සාකච්ඡාව පිළිබඳව තොරතුරු කිසිවක් මාධ්‍යට අනාවරණය කර නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අය වැය විවාදයට එක්‌ව අදහස් පළකිරීමෙන් පසුව දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවා තිබූ කාලයේදී මෙම සාකච්ඡාව අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර කර තිබෙනවා.
දිවා විවේකයෙන් පසුව පළමුව සභාවේ කතා කළේ මහින්ද රාජපක්‍ෂ මහතාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කතාවෙන් පසුව පාර්ලිමේන්තුවෙන් බැහැරව ගියේය.