මධූ ආදරවන්තියක් වෙයි

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍ර‍යට අවතීරණ වී සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනී මධූ කුලතුංග මේ දිනවල දැඩි අවිවේකී බවකින් පසුවන බවට සහ මේ දිනවල මධූට ලැබෙන්නා වූ සුවිශේෂී වූ ආදරයක් හේතුවෙන් මහත් උද්දාමයෙන් පසුවන බවට ලැබුණු ආරංචියක් අනුව අපි ඇයට කතා කළා. අපි ඇයගෙන් ඊට හේතු විමසා සිටියා. 

ඇය අප සමග පැවසුවේ  තමා මේ දිනවල දැඩි සතුටකින් පසුවන බවයි. ඊට හේතුව විමසීමේදී ඇය කියා සිටියේ සුරේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කරන සහන් ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ඩොක්ටර් අඩෝ ඩී.වී.ඩී. චිත්‍ර‍ටයේ රංගනයට දායකත්වය සැපයීමට හැකිවීම බවයි. 

එසේම මෙම ප්‍ර‍සහන චිත්‍ර‍පටයට ජනප්‍රිය විකට නළු ටෙනිසන් කුරේ ද රංගනයෙන් දායක වනවා. එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඩිලොන් සමග මධූ කුලතුංග. එසේම රෙක්ස් කොඩිප්පිලි ඇතුළු තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වනවා. මෙම චිත්‍ර‍පටයේ නිල ඡායාරූප ශිල්පියා වන්නේ තරිඳු ජයලත්ය. මධූ ප්‍රධාන චරිතයට පණ පොවන ඩොක්ටර් අඩෝ චිත්‍ර‍පටයේ දර්ශනතලයේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 



Share this