මෛත‍්‍රී පාලනය ටිකක් ව්‍යාකූලයි ඒත් රසවත්

ඊළඟ ඡන්දෙන් මගේ ජීවිතය තීරණය වෙනවා - පබා

පසුගිය මහමැතිවරණයට එජාපයෙන් තරග කර මන්ත‍්‍රී පදවිය ලැබූ පසු පක්ෂ මාරු කර සන්ධානයට ගිය ප‍්‍රකට ටෙලි නිළි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මේ දිනවල ඊළඟ මහමැතිවරණයට සූදානමින් සිටින බව කියා තිබෙනවා.

වර්තමාන දේශපාලන තත්වය තරමක ව්‍යාකූල නමුත් රසවත් එකක් බව කියා සිටින ඇය ඊළඟ මහමැතිවරණය අනුව ඇගේ ඉදිරි ජීවිතය තීරණය වනු ඇතැයිද පවසා තිබෙනවා.

පසුගිය සතිඅන්ත පුවත්පතකට මේ ගැන ඇය කියූ අදහස් පහත පරිදිය.

 වර්තමාන දේශපාලන තත්වය ගැන ඔබේ අදහස කුමක්ද?

ආණ්ඩුවයි විපක්ෂයයි එකට වැඩකරන එක හොඳ ප‍්‍රවණතාවයක්.අවුරුදු 4 කට කලින් මම ආණ්ඩුවට
සහය දෙන්න තීරණය කළාම පක්ෂයේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.අද නායකයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන. 

තත්වය ව්‍යාකූල වගේ පෙනුණට ඒක රසවත් කියලයි මට හිතෙන්නෙ. රට ලොකු වෙනසක් වෙලා බයක් සැකක් හිතේ නෑ. ඉදිරියේදි පත්කරන්න යන අලූත් ස්වාධීන කොමිෂන්, දේශපාලනඥයින්ට අදාල විනය ප‍්‍රතිපත්ති මාලා, පෞද්ගලිකව මම ඒවට හා ඒ සංකල්පයට කැමතියි. හේතුව ඒ තුළින් රටට හොඳක් වන නිසා.

දේශපාලනය පැත්තෙන් ඉදිරි බලාපොරොත්තු මොනවද?

ඊළඟ මැතිවරණය මට තීරණාත්මක කඩඉමක් වෙයි.ඒකෙ ප‍්‍රතිඵලය මොනව වුණත් මගේ ඉදිරි ජීවිතය හැඩගැහෙන්නෙ ඒකෙන් කියලා මට හිතෙනවා. මේ දිනවල මං ඒකට තමයි ප‍්‍රමුඛත්වය දීලා තියෙන්නෙ.

Share this