Enriqueට තනපටය විසිකළ තරුණිය ගැන ජනපති කී කතාව (වීඩියෝ සහිතයි)

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන එන්රික් ඉග්ලේසියස් පසුගියදා කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වූ සංගීතය ප්‍ර‍සංගය සහ එහිදී සිදු වූ අශීලාචාර සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අම්පාර ප්‍රදේශයේදී පැවැති උත්සවයකදී අදහස් දැක්වූවා. 

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැනි උත්සාව සංවිධානය කිරීමට අවසර ගැනීමේ මින් ඉදිරියට රාජ්‍ය ආයතනය නිසි වගකීමකින් සොයා බැලිය යුතු බවත් මෙවැනි දේ සඳහා ජනාධිපතිවරයා වශයෙන් තමන් අවසර ලබානොදීමට කටයුතු කරන බවද මහා සංඝරත්නය ඉදිරියේ ප්‍ර‍කාශ කරන ලදී. එසේම මෙවැනි සංදර්ශන සංවිධානය කරනු ලබන සංවිධායකයන්ට මඩු වලිගයෙන් ගැසිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපතිවරයාගේ ප්‍ර‍කාශයේ වීඩියෝව පහතින් බලන්න....







එසේම මෙම සංගීත ප්‍ර‍සංගය සංවිධානය කරනු ලැබ තිබුණේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට හිමි liveevents.lk ආයතනය විසිනි. 

Share this