කළුතර, නාගොඩ රෝහලේදී කාන්තාවකට වැරදි ලෙස සිදු කළ පියයුරු සැත්කම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදේස් මත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා විසින් එම පරීක්ෂණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කළ යුතුව තිබියදී ඇයගේ වම් පියයුර ශල්‍යකර්මයකට භාජනය කර අනතුරුව දකුණු පියයුර ද ශල්‍යකර්මයට ලක් කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුණි.
මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නාගොඩ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාට නියෝග කර ඇත.
අදාළ වාර්තාව ලැබීමෙන් පසු විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට විනය පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.