ඉමායාගේ අලුත් වැඩේ

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට තවත් අලුත් මුහුණුවරක් ලබාදීමේ අදහස ඇතිව 2014 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත කිරුළ පැළඳූ ඉමායා ලියනගේ විසින් අලුත්ම වැඩකටයුත්තක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ වන්නේ IMZ GLAMOUR Modeling School ය. මෙහි විශේෂත්වය වන්නේ මෙමගින් සිදු කෙරෙන්නේ මෝස්තර නිරූපණයට යොමුවන නවකයින්ගේ දක්ෂතා සමාජයට ගෙන යාමයි. මෙය IMZ GLAMOUR (Fly with Imaya Liyanage) යන තේමාව යටතේ ආරම්භ කෙරෙනවා. එසේම මෙහි පළමු වැඩමුළුව ලෙස 

මෙම  IMZ GLAMOUR Modeling School සම්බන්ධයෙන් අප කරුණු දැන ගැනීමට සම්බන්ධ කර ගත්තා එය ආරම්භ කරමින් එය හිමි ඉමායා ලියනගේ.


ඉමායා... මොකක්ද මේ  IMZ GLAMOUR Modeling School කියන්නේ....
මම මිස් ශ්‍රී ලංකා වින් කරලා අවුරුද්දක්වත් සම්පූර්ණ වෙන්න කලින් මම මගේ නමින් මොඩලින් ස්කූල් එකක් පටන් ගත්තා. ඒක තමයි ඉම්ස් ග්ලැමර් මොඩලින් ස්කූල් තමයි මගේ ඇකඩමි එක. ඒක මහත් භාරදූර කාර්යයක්. 


මෙය ආරම්භ කෙරුණේ කුමන කාලයේදීද? මේ වන විට කිසියම් ඉවන්ට් එකක් කර තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් කිව්වොත්....

මම මගේ ඉම්ස් ග්ලැමර් එක පටන් අරන් දැනට සතියක් වගේ වෙන්නේ. මම එලෙස එකක් ආරම්භ කිරීමට කල්පනා කළේ මීට මාස දෙකකට පමණ පෙර ලැෂ් මොඩලින් ස්කූල් එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. එහෙත් එහි ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් සහ ටීම් එකේ ඇති වූ ගැටලු නිසා මම ලැෂ් එකේ පාලනාධිකාරීය දැනුවත් කර ඉන් ඉවත් වුණා. ඉන්පසුව තමයි මම මෙය ආරම්භ කළේ. මොකද මට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ අලුත් දෙයක් කරන්න. එම නිසා මම කිසිදු ආකාරයකින් ලැෂ් එකත් එක්ක තරහක් නැහැ. ඒත් ඉතින් දැන්  මගේ ඉම්ස් ග්ලැමර් එක කරගෙන යනවා. ඒ වගේම එහි පළමු වැඩමුළුම මැයි මස 17 වන ඉරිදා උදේ දෙහිවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

අලුතින් අයෙක් සම්බන්ධ වෙන්නේ කැමැති නම් කොහොමද සහභාගි වෙන්නේ.

ඉම්ස් ග්ලැමර් මොඩලින් ස්කූල් එකේ පළමු වැඩමුළුව මැයි මස 17 වැනිදා පෙරවරු 10 සිට සවස 4.00 පමණ වන තෙක් දෙහිවල සහරන් ශාලාවේදී පැවැත්වෙනවා. මාත් සමග සම්බන්ධ වීමට, මොඩලින්වලට ඇතුළත්වීමට කැමැති, රංගනයට ඇතුළත් වීමට කැමැති අයට මාත් සමග එකතු වීමට එදිනට පැමිණෙන්න කියලා මාව විශ්වාස කරන සියලු දෙනාටම ආරාධනා කරනවා. 

සිරසගොසිප් සහ ඉමායා ලියනගේ අතර පැවැති සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න. 





ඉමායා ලියනගේ සමගින් ඉම්ස් ග්ලැමර් මොඩලින් ස්කූල් වෙත එක්ව කටයුතු කරන පිරිසෙන් කොටසක්....

Dinuka Gunawardene - fitness trainer


Nalaka sandy perera

Nishi Amanda Pathirana


Add caption


Imaya liyanage












Share this