එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය 2 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ අයවැය ඡන්ද විමසීම සඳහා සහභබාගි නොවී ඇත්තේ අයවැයට විපක්ෂව කටයුතු කර මන්ත්‍රී ධුරය අහෝසි කර ගැනීමෙන් වැළිකීමේ උපක්‍රයක් ලෙසින් බව අනාවරණය වේ.
මෙරට නීතිය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නැත. ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය හිමි ගීත කුමාරසිංහ මහත්මිය පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තද එය නීති විරෝධී බව ගාල්ලේ හිටපු මන්ත්‍රී පියසේන ගමගේ මහතා චෝදනා කර ඇති අතර මේ වන විට එය අධිකරණයේ විභාග වන නඩුවකි.
කුමාරසිංහ මහත්මිය දැඩි මහින්ද හිතවාදිනියක වන අතර පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි. අයවැය ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය. මෙහිදී ආණ්ඩුවට එරෙහි වීම තමන්ගේ මන්ත්‍රී ධුරය අහිමි වීම කෙරෙහි බලපානු ඇති බවට ඇයගේ දේශපාලන උපදේශකයන්ගෙන් ලැබුණු උපදෙස් නිසා එදින ඇය පාර්ලිමේන්තුව මගහැර තිබේ. මේ දිනවල ගමගේ මහතා ලවා නඩුව ඉල්ලා අස්කර ගැනීමේ උත්සාහයක්ද ක්‍රියාත්මකව පවතී.
ඒ කෙසේ නමුත් එදින මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව තවත් කිහිප දෙනෙකනුම ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකීම සඳහා පාර්ලිමේන්තුව වර්ජනය කළේය. ඒ අතර ජනක බණ්ඩාර තෙන්නකෝන් හා මනුෂ නානායක්කාර මහතා ද සිටිනවා.