චතුරිකාගෙන් පස්සේ ළං වූ පෙම්වතිය ගැන රොෂාන් කතා කරයි

රොෂාන් පිලපිටිය ගැන මීට අවුරුද්දකට විතර ඉහතදී මාධ්‍යයෙන් හරියට කතාබහ වුණා. හැබැයි ඒ ඔහුගේ රංගන ජීවිතයෙන් එපිට පෞද්ගලික ජීවිතය ගැන. දැන් රොෂාන් තනිකඩයි. නමුත් චතුරිකා රොෂාන්ගෙන් වෙන්වෙලා ගයාන්ට ළං වුණාට පස්සේ රොෂාන් වැඩි කාලයක් යන්නටත් මත්තෙන් තමන්ට ආදරය කරන තැනැත්තියකට ළං වෙලා කියලා කනින් කොණින් ආරංචි වුණා. මුලින් මුලින් රොෂාන් මේ කතා පිළිගන්න තරමක් අදිමදි කළත්, මේ ළඟකදී ඔහු ආපහු පෙම්වතෙක්‌ කියන ආරංචිලාය හිතේ හිරකරගෙන ඉන්නේ නැතිව මාධ්‍යට හෙළිදරව් කර තිබුණා.

රොෂාන් ආපහු සුපුරුදු විදිහට වැඩවගේ. ?

''පසුගිය කාලයේ ව්‍යාපාර කටයුත්තක්‌ හින්දා ටිකක්‌ විතර කාර්යබහුල වුණා. දැන් රඟපෑමට යොමුවෙලයි ඉන්නේ...''
ඇයි ව්‍යාපාරයකට අතගැසුවේ...?
''රඟපෑම මගේ වෘත්තිය තමයි. නමුත්...''

ඇයි නමුත් කිව්වේ ?
''මේ රස්‌සාවෙන් ජීවත්වෙන්න අමාරුයි. අනික රංගනයත් ආසාවෙන් කරන දෙයක්‌ නෙමෙයි...''

ඇයි එහෙම කතා කරන්නේ ..?
''අද කාලේ එක දෙයක්‌ කරලා ජීවත්වෙන්නත් අමාරුයි. මොකද අපේ රටේ සෑම වෘත්තියකටම නිසි ගරුත්වයක්‌ නැහැ. ඒක හින්දා මගේම කියලා ව්‍යාපාරයක්‌ පටන්ගත්තා. මොකද වයසට ගියහම කවුරුත් සලකන්නේ නැහැ කියලා කාටවත් දොස්‌ කිය කියා ඉන්න වුවමනා නැහැ. ඒ ගැන හිතලමයි ව්‍යාපාරයක්‌ පටන්ගත්තේ..''

ඔබ ළඟ සිටි ගායකයාට මොකද වුණේ ?
''ගොඩක්‌ ගායකයෝ අද මුදල් දීලා තමන්ගේ සිංදු චාට්‌ ෂෝවලට දාගන්නවා. මට එහෙම කරන්න සල්ලිත් නැහැ... අනික එහෙම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාත් නැහැ.... මම කරපු "දකින්න ආවේ.." ගීතය යූ ටියුබ්වලට මුදාහැරලා තියෙනවා. කැමැති කෙනෙකුට ඒ හරහා නරඹන්න පුළුවන්..''

පසුගිය කාලේ වුණ දේවල් ගැන මොකද හිතන්නේ ?
''ඔක්‌කොම වෙන්නේ හොඳට කියලා තමයි මම නම් හිතන්නේ... මගේ ජීවිතයේ කිසිම කලකිරීමක්‌ නැහැ... මට ලැබෙන දේ තමයි ලැබුණේ... අනික මම දැන දැන වැරදි කරන්නේ නැහැ... මම හොඳ බෞද්ධයෙක්‌ වෙන්න උත්සාහ කරනවා. ඒක හරිම අමාරු දෙයක්‌ තමයි... ඒත් මම කරන්න උත්සාහ ගන්නවා...''

අද වෙනකොට ආදරය ගැන මොකද හිතන්නේ ...?
''ආදරය ජීවිතයට ඕනෑ දෙයක්‌... ආදරය ගැන මේ මොහොතේ මම කතා කරන්න කැමැති නැහැ...''

කලකිරීමෙන් වගෙයි.. ?
''අනේ කිසිම කලකිරීමක්‌ නැහැ.. ඒ ගැන පසුවට කතා කරමු.''

දැන්වත් විවාහය ගැන හිතුවොත් නරකද?
''තව අවුරුද්දකින් විතර ඒ ගැන හිතනවා.''

පෙම්වතෙක්‌ කියලා අපිට ආරංචියක්‌ ලැබුණා?
''මෙහෙමයි. මම ඉස්‌සෙල්ලත් කිව්වානේ දැනට ආදරය විඳිමින් ඉන්නවා කියලා. හැමදේම කියන්න කාලයක්‌ තියෙනවා..''

ඇයත් සමග හවසට හවසට බත්තරමුල්ලේ ඇවිදින මංතීරුවලට ඇවිදින්න යනවා කියලත් අපිට ආරංචියක්‌ ලැබුණා ?

''එහෙම දෙයක්‌ නැහැ... මම ව්‍යායාම් කරන්න යනවා නම් තමයි. හැබැයි තනියම. ඒ වෙලාවට හමුවෙන කාත් එක්‌ක හරි කතාබහ කරනවා. හැබැයි ඒ අය පෙම්වතියන් නෙමෙයි. අපි කාත් එක්‌ක කතාබහ කළත් සමහරු හිතන්නේ පෙම්වතියත් එක්‌ක කතාබහ කරනවා කියලා. ඔය ආරංචිය බොරුවක්‌ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ...''






Share this