මුස්‌ලිම් කාන්තා හිස්‌ ආවරණ තහනම අනුමතයි

ප්‍රංශ මුස්‌ලිම් කාන්තාවන් හිස්‌ ආවරණය පැළඳීම තහනම් කිරීමට ප්‍රංශ රජය ගත් තීරණය යුරෝපා මානව හිමිකම් අධිකරණය අනුමත කර තිබෙනවා. 
ප්‍රංශයේ නැන්ටරි රෝහලේ සේවය කළ ක්‍රිස්‌ටියානෝ ඉබ්‍රාමියම් සිය හිස්‌ ආවරණය ඉවත් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇයව සේවයෙන් නෙරපා ඇතැයි වාර්තා වනවා. ඇය ඊට එරෙහිව යුරෝපා මානව හිමිකම් අධිකරණයට පැමිණිලි කර තිබුණා. අදාළ පැමිණිල් විභාග කරමින් අධිකරණය පවසා ඇත්තේ යම් පුද්ගලයකු යම් ආයතනයක සේවය කරන්නේ නම් එම ආයතනයේ නීතිරීති සහ රෙගුලාසිවලට යටත් වියයුතු බවත් එම නිසා  ආයතනික පරිශ්‍රයන්හිදී ආගමික ලාංඡනයන්ට මුල් තැනක් ලබාදිය නොහැකි බවත්ය. එසේම මෙම තහනම ආගමික නිදහස නැති කිරීමක් නොවන  බවද විනිසුරුවරයා පවසා තිබෙනවා. එම නිසා හිස්‌ ආවරණය තහනම් කිරීමට ප්‍රංශ රජය ගත් තීරණය තමන් පිළිගන්නා බව යුරෝපා මානව හිමිකම් අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. 

එසේම වර්තමානයේ ශ්‍රී ලංකාවේද මෙම තත්ත්වය වර්ධනය වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේද මීට වසර 10කට පමණ පෙර සම්පූර්ණයෙන් මුහුණ වසා සිටි මුස්ලිම් කාන්තාවන් සිටියේ නම් ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. එහෙත් අද වන විට එය බහුතරයක් වී ඇත. එය රටක ජාතික ආරක්ෂාවට තර්ජනයකි. එම නිසා ශ්‍රී ලංකාවේ පාලකයන් මෙන්ම ආරක්ෂක අංශයන්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි මහජන මතයක් ගොඩනැගී ඇත. 


Share this