මහ මගදී සැමියා මිතුරෙකු සමග කඩුවලින් බිරිඳට කොටපු හැටි [වීඩියෝ සහිතයි]

මැලේසියාවේ සිදුවූ අමානුෂික සිදුවීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටින අතර සිද්ධිය සම්බන්ධ වූ දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔවුන් දෙදෙනා විසින් පාරේ සිටින කාන්තාවක් හට අමානුෂික ලෙස කඩුවලින් පහරදෙන අතර මෙම පහරදෙන දෙදෙනාගෙන් එක් අයෙක් කාන්තාවගේ සැමියා වන බවයි වාර්තා වන්නේ. ඔහු 26 හැවිරිදි වන අතර අනෙක් තරුණයාගේ වයස අවුරුදු 23ක්.



සිද්ධියට මැදිවූ කාන්තාවගේ වයස අවුරුදු 24ක් වන අතර ඇයට මෙලෙස කඩුවලින් කොටා අමානුෂික ලෙස සැමියා පහර දෙන්නේ දික්කසාදය සම්බන්ධයෙන් වන ප‍්‍රශ්නයක් නිසා බවයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පහරකෑමට ලක්වූ කාන්තාව මේ වන විට බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවටද එම වාර්තා පවසනවා. 



අදලා සිදුවීම ඇතුලත් CCTV වීඩියෝව පහතින්.....


Share this