කොටදෙණියාව දැරියගේ නිරුවත් සිරුර නිවස අසල ඇළ ඉවුරක තිබී හමුවෙයි (වීඩියෝ සහිතයි)

ගම්පහ, දිවුලපිටිය, කොටදෙණියාව, අකරන්ගහ ප‍්‍රදේශයේදී අතුරුදන් වූ දැරියගේ නිරුවත් මළ සිරුර ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇළ ඉවුරක තිබී පොලිසිය අද (13) පෙරවරුවේ සොයා ගත්තා. වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ මරණය ඝාතනයක් දැයි සෙවීමට මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.


සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතරහමාරක් වයසැති මෙම දැරිය පෙරේදා රාත‍්‍රියේ සිය මිත්තණිය සමග නිදා ගැනීමට ගොස් ඇති අතර ඊයේ (12) අලූයම සොයා බැලීමේදී ඇය එම ස්ථානයේ සිටියේ නැහැ. ඒ පිළිබඳව ඇයගේ පියා කොටදෙණියාව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.


ඒ අනුව ඊයේ දිනයේ පොලිස් සුනඛයන් යොදා, විශේෂ මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක කළ බවයි පොලිසිය සඳහන් කළේ. අතුරුදන් දැරිය සොයා අද පෙරවරුවේ ද මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ අතර, ඒ අනුවයි පොලිසියට දැරියගේ මළ සිරුර හමුවී ඇත්තේ පුරන්වූ කුඹුරු යායක දිය පහරක් අසල තිබියදීයි.


රෙදි පටියකින් ඇගේ ගෙල සිරකර ඇති බවට සලකුණු සිරුරෙන් හමුවී ඇති අතර සිරුර නිර්වස්ත‍්‍රව තිබූ බව ද බව වාර්තාවේ.මේ අනුව ඇය අතවරයට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකපලවන බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.


2010 වස‍රේ සැප්තැම්බර් මස 16 වන දා උපන් සේයා සදෙව්මි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයා ය.තව ත් දින 03කින් සිය 5 වන උපන් දිනය සැමරීමට මග බලා සිටි සේයා මෙලෙස අවසන් ගොස් තිබේ.


‍මීගමුව කොටදෙණියාව පාරේ බඩල්ගම, අකරංගහ, වැලිපාරේ ඇගේ නිවස පිහිටා තිබේ.මව, පියා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනා සමග දිවි ගෙවන සදෙව්මි පෙර පාසල් සිසුවියකි. පෙරේදා රාත‍්‍රියේ මේ දැරිය සිය ස‍හෝදරයින් සමග රූපවාහිනිය නරඹා රාත‍්‍රී 8.30ට පමණ නින්දට ගොස් තිබේ.


දැරිය නින්දට යන විට ඇගේ පියා නිවසේ නොසිටි අතර මුත්තණුවන් හා මිත්තණිය අවමංගල්‍යයකට සහභාගී වී ආපසු පැමිණෙන විට රාත‍්‍රී 10.10 පමණ වී තිබේ.ඒ වන විට ත් නිවසේ ප‍්‍රධාන පිවිසුම් දොර යතුරු නොදමා තිබූ අතර ඔවුන් නිවසට ඇතුළු වූ පසුත් ඇගේ පියා පැමිණෙන තෙක් දොරගුරු නොදැමූ බව සදෙව්මිගේ මුත්තණුවන් පැවසී ය.


පසුදා උදෑසන නිවැසියන් සදෙව්මි සෙවීමේදී ඇය නිවසේ ‍නොමැති බව තහවුරු විය.සිද්ධිය වාර්තාවීමත් සමග පරීක්ෂණ ඇරඹූ පොලීසිය නිල සුනඛයින්ගේ සහය ද ලබා ගත්තේ ය.එහෙත් සුනඛයා නිවසේ සිට මීටර 100ක් පමණ ඉදිරියටත් තවත් මීටර 100ක් පමණ පසු පසටත් ගොස් නතර වී තිබිණි.












Share this