උතුම් දළදා කරඩුවත් කාන්තා ඇදුමට [වීඩියෝ සහිතයි]

බුදු දහමට නිගා වන ආකාරයෙන් භාණ්ඩ විකිණීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. විවිධ කාලවලදී බුදු දහමට අගෞරව වන ආකාරයට විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනය කර ලංකාව තුළ විවිධ ප්‍රදේශවල අලෙවි කෙරෙති. ඇතැම් අවස්ථාවල රාජ්‍ය නොවන සංවිධාන හරහා නොමිලේ එවැනි දේ බෙදාදෙති. ඒ අන් කිසිවකටත් නොව මෙරට සිටින සිංහල බොදුනුවන් අන්‍ය ආගම් කෙරෙහි අද්දවා ගැනීම පිණිසමය. එසේම මෙය මූලධර්මවාදී කතෝලිකයන් සහ මුස්ලිම් ජාතිකයන් විසින් සිදු කරන බව එලෙස භාණ්ඩ අලෙවි කරන ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අනාවරණ වී තිබෙනවා. එසේම බුදු රුවට නිගා වන අයුරින් කාන්තා ඇඳුම් නිර්මාණය කිරීමද බහුල වශයෙන් සිදු වේ. මෙම ඇඳුම්වල විශේෂත්වය වන්නේ මේවා කාන්තා යට ඇඳුම් වීමයි. අපේ රටේ සිටින කාන්තාවන්ද තාම තෝරා ගන්නා ඇඳුමේ ඇති රූප රටාවන් කෙරෙහි අවධානයක් යොමුනොකර ඇඳුම් මිලදී ගැනීම හේතුවෙන් මෙම ගැටලුවලට මුහුණ දෙති.
මේ එහි අලුත්ම අනාවරණයයි. දළදා කරඩුව වඩම්මන ඇත් රජු සහිත කාන්තා ඇදුම් මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට හා පදික වේදිකාවේ අලෙවි කෙරෙනවා. වෙනත් කාන්තා ඇදුම් අතරේ මෙම ඇදුම් සඟවා තිබීම විශේෂකි. ඇදුම් විවිධ ගණන්වලට අලෙවි කරති .කාන්තා යට කය ඇදුම්වලට පමණක් දළදා කරඩුව වඩම්මන ආකාරය දිස්වන පරිදි මෙම ඇදුම් නිමවා ඇත, මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාසට ලැබුණු තොරතුරක් මත මෙම ඇදුම් මිලදී ගැනීමට යන ආකාරයට ගොස් ඔවුන් විසින් මෙම හෙළිදරව්ව සිදු කර තිබෙනවා. 

එම වීඩියෝව පහතින් නරඹන්න. 

සටහන සහ වීඩියෝව - කාංචන කුමාර ආරියදාස

Share this