කුඩා පල්ලියක් ප්‍රතිසංස්කරණයට යැයි පවසා විල්පත්තුවේ අක්කර 10ක් වැනසේ

- ඉදිකිරීම්වලට ඉහළ පෙළේ දේශපාලන මැදිහත්වීමක්

වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පුරා විදයා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ නීති විරෝධී ඉදිකිරීම් කිහිපයක් සිදු කරමින් ජාතික වනෝද්‍යානය අනතුරට ලක්කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන බව තෙත් බිම් උරුමය සඳහන් කරනවා. 

ජාතික වනෝද්‍යානය තුළ පිහිටි පෘතුගීසි සමයේ ඉදිකර ඇති කුඩා පල්ලියක් ප්‍රතිසංස්කරණය කරන බවට ප්‍රකාශ කරමින් මේ වන විට අක්කර 10කට වැඩි කැලෑ බිම් ප්‍රමාණයක් හෙලිපෙහෙළි කර තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් කැලුම් තුෂාර මහතා පවසනවා. 

කැලෑ හෙළිපෙහෙළි කළ භූමියේ නව ඉදිකිරීමක්ද සිදුවන බවත් මෙම ඉදිකිරීම් කටයුතුවලට ඉහළ පෙළේ දේශපාලන මැදිහත්වීමක් සිදුවී තිබෙන නිසා වනෝද්‍යාන භාර වනජීවි දෙපාර්තමේන්තු නිලදාරීන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් වාර්තා වනවා. 

ජාතික පුරා විදයා පනත, වනසත්තව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, වන උද්‍යාන තුළ ක්‍රියාත්මක වන නීති සමුදාය අමු අමුවේම උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ක්‍රියාව වහාම නතර කර දැමීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් එය සමස්ත වන උද්‍යානයටම දැඩි තර්ජනයක් වන බවද එම සංගමය පවසනවා. 



Share this