ගායිකා සමිතාට දැන් සුවයි

සමිතා මුදුන්කොටුව පසුගිය දවස්වල හිටියේ දැඩිසේ රෝගාතුර වෙලා. එනිසාම ඇයට රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගන්නත් සිදුවුණා. මේ වන විට සමිතාට කොහොමද කියලා සොයා බලන්න අපි කටයුතු කළා.

‘දැන් නම් සෑහෙන්න සුවයි. ශ්වසන පද්ධතිය අශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා බොහෝ දුරට නේවාසිකව ප්‍රතිකාර ගන්න සිදුවුණා. සේලයින් බෝතල් දහයකට අධික ප්‍රමාණයක් මට ලබා දුන්නා. ඒ කාල සීමාව තුළ ඇති වුණු වේදනාව නම් සුළු පටු නැහැ. සේලයින් ඉන්ජෙක්ෂන් කටු ගහලම තවමත් අත් රිදෙනවා. එනිසා කිසිම කලා කටයුත්තකට පසුගිය දවස්වල සහභාගි වුණේ නැහැ. නිවෙසට වී තරමක් විවේකීව සිටිනවා. මගේ රසිකයන් වෙනුවෙන් මම අලුත්ම ගීත කිහිපයක් නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා. CD එකක් නිර්මාණය නොකළත් මා ගැයූ අලුත් ගීත කිහිපයක් ළඟදීම විෂුවල් සමඟ ජනතාව අතරට එක් කරන්න මම සූදානම්.’

Share this