හිටපු කොටිත් මහ ඡන්දෙට

එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීන්ව සිට ආරක්ෂක හමුදාවලට භාර වී පුනරුත්ථාපනය වූ පිරිසක්, දේශපාලන වශයෙන් ඉදිරි මහ මැතිවරණයේදී කුමන පියවරක් ගත යුතු දැයි තීරණයක් ගැනීම සඳහා ඊයේ (3දා) යාපනයේදී විශේෂ හමුවක් පැවැත්වීමට පවත්වා තිබෙනවා. හමුව සංවිධානය කිරීමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇත්තේ 'උදයන්' හා 'සුඩර්ඔලි' පුවත්පත්වල හිටපු කර්තෘවරයකු වූ එන්. විද්‍යාධරන් මහතායි.

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේත්, ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාකාරී වූ පිරිස් සමඟ දැනට මාස හයක පමණ කාලයක් තිස්සේ කිසියම් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක යෙදී සිටින බවත් ඒ සාකච්ඡාවල අරමුණ වන්නේ දේශපාලන පක්ෂයක් ගොඩනැඟීම නොව ලබන මහ මැතිවරණයේදී දේශපාලන වශයෙන් කුමන ස්ථාවරයක් ගතයුතුද යන්න ගැන එකඟත්වයකට පැමිණීමට බවත් විශේෂයෙන් මැතිවරණයෙදී සහාය දෙන්නේ දෙමළ ජාතික සන්ධානයටද එසේත් නැතිනම් වෙනත් දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකටද යන්න ගැන හමුවේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් විද්‍යාධරන් මහතා පවසනවා. සාකච්ඡාවලදී එළැඹි එකඟතාව හා තීරණය ගැන ලබන ඉරිදා (5 වැනිදා) යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වා දැනුම් දෙන බවද විද්‍යාධරන් මහතා වැඩිදුරටත් පැවැසීය.

Share this