නාම යෝජනා නොලැබෙතැයි සිතූ පබා නාම යෝජනා අත්සන් කරයි

එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගොස් සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලීට (පබා) මෙවර මහ මැතිවරණයට සන්ධානයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලැබී නැහැ. 

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා පවසන්නේ ඇය මෙවර මැතිවරණයට තරග නොකළද ඇයට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් සහ පොලිස් ආරක්ෂාවත් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවයි. කෙසේ වෙතත් තවත් මාධ්‍ය පවසන්නේ එලෙස ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවට ඇතැමුන් කටකතා ගෙන යන බවයි. 

මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින තරගකාරීත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව සිදුවන බවටද වාර්තා වනවා. 

මේ වන විට උපේක්ෂාගේ ජනප්‍රියත්වය පහළ යාමද ඇයට නාම යෝජනා නොලැබීමට හේතුවක් වී ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. එම නිසා ඒ වෙනුවට මහින්දවාදී පිලේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමටද යෝජනා වී තිබෙනවා. මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රණතුංග පවුලේ තිදෙනෙකු මැතිවරණ සටනට පිවිසෙනවා. එම නිසා දැඩි තරගකාරිත්වයක් පවතින බවද දේශපාලන ආරංචි පවසනවා. 

පසුව ලියමි.
කෙසේ වෙතත් ඊයේ (10) දිනයේදී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මහවැලි කේන්ද්‍රයට පැමිණ දිවුලපිටිය ආසනයේ ආසන සංවිධායකවරිය ලෙස නාම යෝජනා අත්සන් කළ බවටද තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඇය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. 


Share this