ලිංගික විපර්යාසයට පත්වූවන්ට හිංසා කරන්න එපා

කැට්ලින් ජෙනර් (ලිංගික විපර්යාසයට පෙර බෘස් ජෙනර්) පිළිබදව බොහෝ දෙනෙක් කතාබහ කරන්නට යොමුවන්නේ පසුගිය අප්‍රේල් මස සිට ලිංගික විපර්යාසයට ලක්වීමත් සමගයි. ඊයේ (15) රාත්‍රියේදී ඇයට ආතර් ඈෂ් දිරිය සම්මානය හිමිවූ අතර එහිදී ලිංගික විපර්යාසයට පත්වූ සියලු ලෝ වැසියන් වෙනුවෙන් ඇය නොබියව අදහස් ඉදිරිපත් කළාය.

"ලිංගික විපර්යාසයට පත්වූ තරුණ පිරිස් මුහුණදෙන දැවැන්තම අභියෝගය වන්නේ ඔවුන් ලිංගික විපර්යාසයට ලක්වන අවසන් කාලසීමාව සුළිසුළගකට හසුවන කාලයක් ලෙස දැනීමයි. මේ පිරිස් සමාජය තුළින් ප්‍රතික්ෂේප වෙනවා, පහරකෑම්වලට ලක්වෙනවා, ඔවුන්ව ඝාතනය වෙනවා ඒ වගේම සියදිවි නසාගන්න පවා පෙළඹෙනවා.

ලිංගික විපර්යාසයට ලක්වූවෙකු විදියට මට එක එක විදියේ නම් පටබදින්නට ඕනනම් ඒ ඕන නමකින් මට කතාකරන්න. ‍ මට ඒ හැමදේම දරාගන්න පුලුවන්. ඒත් අනාගතයේ ඉපදෙන දහස් ගණන් දරුවන්ට නම් කිසිවක් කියන්න එපා. " යන්නයි.

බෘස් ජෙනර් (කැට්ලින් ජෙනර්), කිම් කාර්ඩිසන්ගේ මවගේ එක් ස්වාමි පුරුෂයකු ද වේ. ඔහුගේ ලිංගික විපර්යාසය තමන්ට දරාගැනීමට නොහැකි වූ බවත් නමුත් කැට්ලින්ගේ නව පෙනුම ආකර්ශණීය බවත් කිම් පසුගියදා ප්‍රකාශකළාය.

බෘස් ජෙනර් රංගන ශිල්පියෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ අතර ඔලිම්පික් පදක්කම් ලාභියකු ද වේ.

Share this