උපන්දාම දිවියෙන් සමුගත් පාසල් සිසුවිය [ඡායාරූප සහිතයි]

හැටන් කොටගල දෙමළ මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළට සූදානම්වී සිටි පාසැල් ශිෂ්‍යාවක් අද (ජුනි 03) දහවල් 1 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ ඇයගේ කාමරය තුළ වූ බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන තිබෙනවා. 

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ හැටන් කොටගල මල්ලිඅප්පු ප්‍රදේශයේ පදිංචි උදයකුමාර් ප්‍රවීනා නැමති අවුරුදු දහනවයක (19) පාසැල් සිසුවියකි. 

ඇයගේ දහනව වෙනි (19) උපන් දිනය අදට (ජුනි 03) යෙදී තිබූ බවත් බාලදියණිය පාසැලෙන් රැලෙන ඒමට ගිය අවස්ථාවේ තම වැඩිමල් දියණිය බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව ඇයගේ මව පවසනවා. 

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇය පන්ති තහනමකට ලක්වී සිට තිබෙනවා. එම නිසා ඇයගේ නිවසේ සිටම අධ්‍යාපන කටයුතු කරන ලෙසට ඇයට පැවසා තිබූ බවයි ඇයගේ මව පවසන්නේ. සිද්ධිය පිළිබඳව හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.








ඡායාරූප - රංජිත් රාජපක්ෂ - හැටන්



Share this