අමුතුම තීම් එකකට අමුතුම වැඩක් කරන්න ට්‍ර‍යි කරන නෙකිටා

ගොසිප් වෙබ් අඩවියක් ලෙස වසරක කාලය තුළ ඔබ වෙත විවිධ වූ පුවත්, ඕපාදූප, දේශපාලනික තත්ත්වයන් සහ කලා ලෝකයේ විවිධ තොරතුරු අප ගෙන ආවෙමු. දෙවන වසරතට පා තැබූ ප තවත් අලුත් ආකාරයේ කටයුත්තකට අතගැසීමට තීරණය කළෙමු. 

ඒ මෝස්තර නිරූපණයට, රංගනයට එක්වන නවක නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳ සහ ඔවුන්ව ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පීන් පිළිබඳ ලිපි පෙළක් පළ කිරීමයි. මේ එහි පළමු වැන්නයි. 

අපගේ පළමු ලිපියට අපි සම්බන්ධ කර ගත්තේ මෝස්තර නිරූපණයෙන් රංගනයට පිවිස ටෙලිනාට්‍ය රැසකට දායකත්වය සැපයූ ශිල්පිනී නෙකිටා රෙෂානියි. 

නෙකිටා..... කොහොමද 2016... හොඳද?
ඔව්... ගොඩක් හොඳයි... ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

ඒ... මොනවද? ප්‍රේක්ෂකයන් වෙනුවෙන් 2016දී ඔබ ලබාදෙන්නේ මොනවද? 
2016 වසරේදී මම ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරින් විශේෂ වන්නේ මම ක්ෂේත්‍ර‍යට ගෙන ආ මෝස්තර නිරූපණය වෙනුවෙන් අලුත් ආකාරයේ Photoshoot කිහිපයක් කිරීමටයි ඒ විවිධ වූ  තේමාවන් ඔස්සේ.... ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටමත් කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. ඒ වගේම ජනප්‍රිය පුවත් කිහිපයකම ෆැෂන් පේජ් එක සහ මුල් පිටුව සරසන්නට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ සඳහා දායකත්වය සැපයීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. 

ඒ වගේම මේ වෙද්දි රංගනයෙන් දායක වූ නාට්‍ය ගැන සඳහන් කළොත් 
මේ වන විට මම කොමර්ෂල් ෆොටෝ ෂූට් කිහිපයකටත් සහභාගි වී තිබෙනවා. ඒ වගේම මම පෝය දිනවල විකාශය වන කසාවත වැඩසටහනට සම්බන්ධ වී තිබෙනවා.  ඒ වගේම මං රංගනයෙන් දායක වුණු තවත් නාට්‍ය කිහිපයක් නම් කොළඹ අහස, ඉස්සරහට යන්න(ජාතික රූපවාහිනිය), දියමත ලියමි (ITN), සිහිනයකි ජීවිතයේ(හිරු ටී.වී.) යන ටෙලි නාට්‍යයන්. ඒවාට මාව සම්බන්ධ කර ගත් සැමට ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මම අලුත්ම කෙටි චිත්‍ර‍ටයකට දායකත්වය සැපයුවා. එය නුදුරේදීම ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හිරු ටී.වී. ඔස්සේ විකාශය වන Cyber Crime සහ තෙවැනි ඇස සඳහා මම දායකත්වය සැපයුවා. අයි.ටී.එන්. ඔස්සේ විකාශය  වූ නෙතු අද්දර ටෙලි නාට්‍යයේද මම චරිතයක් නිරූපණය කළා. ඉතින් ඒ දේවල්වලින් රංගනය සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම ආයෙත් කියන්නේ ඒවාට මා සම්බන්ධ කර ගත්තාට බොහෝම ස්තුතියි. 

මේ සියලුම වැඩවලට කවුද ඔයාට උදව් කරන්නේ
මගේ ගෙදර අය තමයි මගේ පිටුපසින් සිටගෙන මාව දිරිමත් කරන්නේ. විශේෂයෙන්ම මගේ අම්මා රොසිටා සාරා... සෑහෙන්න සහයෝගයක් දක්වනවා. මගේ විලාසිතා කුමන ආකාරයෙන් විය යුතුද කියලා අදටත් ඇඳුම් තෝරලා දෙන්නෙත් මගේ අම්මා. ඒ වගේම මගේ සියලුම හැඩගැන්වීම් කරන්නේ මගේ අම්මා...  ඒ වගේම මගේ හැම දුකකදීම මෙන්ම සැපකදීම මගේ ළඟින්ම ඉන්න හොඳම කෙනා මගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ වගේම මගේ ලොකු අම්මා මට ගොඩක් උදව් කරනවා. මං ගැන නිතරම සොයලා බලනවා. ලොකු අම්මා තමයි මට අවශ්‍ය දේවල් අරන් දෙන්නේ... 

මොනවද අනාගත බලාපොරොත්තු 
ටෙලිනාට්‍ය, චිත්‍රපටවල හොඳ නිර්මාණයක හොඳ චරිතයක්... ඒ කියන්න මිනිස්සුන්ගේ මතකයේ හැමදාම තියෙන චරිතයක් කරන්න තමයි ආස. ඒ වගේම මෝස්තර නිරූපණයේ තවත් ඉදිරියට යන්නත් මම කැමැතියි. ඒ වගේම මම විවිධ උත්සව අවස්ථාවන්, පාටි, උපන් දින සාද ආදිය ඡායාරූපකරණයටත් කැමැත්තෙන් ඉන්නවා.

නෙකිටා රෙෂානිගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. මෙම සියලුම ඡායාරූපවල ඇයගේ හැඩගැන්වීම් සිදු කර තිබෙන්නේ නෙකිටාගේ මැණියන් වන රොසිටා සාරායි. එසේම ඇය ඡායාරූපයට නගා ඇත්තේ ජයාල් ජයවර්ධන සහ මංජුල පෙරේරා විසිනි. 


Share this