මැද පොඩ්ඩක් පැත්තක් නෑ

ජින්ජර් වයිට් නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක්. මේ දවස්වල ජින්ජර් අලුත්ම තාලේ අලුත්ම කතා තේමවක් රැගත් චිත්‍රපටයකට දායක වෙන බව අපිට දැන ගන්නට ලැබුණා. ඒ ඇගේ සංගීත දිවියේ පළමුවතාවට චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස චිත්‍රපට ගී ගායනයට එක්වෙමින්.

‘කල්‍යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය "මැද පොඩ්ඩක් පැත්තක් නෑ" චිත්‍රපටයට පසුබිම් ගීත ගායනය සදහා මට ආරාධනා ලැබුණා.

මමත් ඉතාම සතුටින් ඒ ආරාධනය බාර ගනු ලැබුවා. මෙහිදී මම නවතම ගී කිහිපයක් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරනවා.

මෙතෙක් කලක් ප්‍රසංග වේදිකාවේ සහ සංගීත ඇල්බම් ඔස්සේ මගේ ගීත රසවිදි රසිකයන්ව චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහටත් පිනවීමට ලැබීම් මට ලොකු සතුටක්.

Share this