උදාරි රූ රැජන තරගයක

නිළියක්, නිවේදිකාවක් ලෙස දක්ෂතා දක්වමින් කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන සුරූපිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය. මේ දවස්වල උදාරි රූ රැජන තරඟවලියක් වෙනුවෙන් ඇගේ දායකත්වය ලබා දෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. “මම ‘මිසිස් ශ්‍රී ලංකා ෆෝර් මිසිස් ග්ලෝබල් ඇන්ඩ් ඒෂියා ෆැසිපික්’ රූ රැජන තරඟාවලිය වෙනුවෙන් ඉදිරිපත් වුණා. මෙයට සහභාගි වෙන තරගකාරියන් අතරින් 18 දෙනෙක් තෝරාගෙන ‘ආසියා ෆැසිපික්’ තරගාවලියට යොමු කරනවා.
ඒ තරග පැවැත්වෙන්නේ මැලේසියාවේදියි. එයින් තේරෙන රූ රැජන ග්‍රෑන්ඩ් ෆයිනල් වටය නියෝජනය කරමින් චීනයේ දී පැවැත්වෙන ‘මිසිස් ග්ලෝබල්’ සඳහා ඉදිරිපත් වෙනවා. තරගයේ ස්වභාවය එයයි.

මේ නිසා මම මේ දිනවල මගේ කාලය යොදවා තිබෙන්නේ මෙම තරගවලිය වෙනුවෙනුයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් හා නිර්මාණශීලී කටයුතුවල තමයි යෙදිලා ඉන්නේ. ලංකාව නියෝජනය කරමින් මෙවැනි තරඟයකට ඉදිරිපත් වෙන්න ලැබීම මට සතුටක්. ඒ වගේම මෙයට රසිකයන්ගේ, ජනතාවගේ සහභාගිත්වයත් ලබා ගන්න පුළුවන්. ඒ ෆේස් බුක් ඔස්සේයි. කැමැති රූරැජන දිනවීමට ජන්දය ප්‍රකාශ කරමින් තමන් කැමැති කෙනාට එස්.එම්.එස් කිරීමේ හැකියාව තිබෙනවා.’

ඇයට තරගයෙන් ජය ගැනීම සඳහා ඇයගේ ෆේස්බුක් පිටුවේ සහ ඇයගේ ෆේස්බුක් ගිණුමේ ඇය ඔබේ සහයෝගය ඉල්ලා තිබෙන්නේ මේ ආකාරයෙනි.

Hi my dear friends please help me to win most popular in social media of Mrs Sri Lanka 2015 through this link..
To vote click on the link Below 
http://goo.gl/XaU399

Share this